ප රිසර විනාශයන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය...
පරිසර විනාශයන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවු අයුරින් පරිසර විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියවෙන අසත්‍යය ප්‍රවාත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැළැ වල පිහිටි ගස් කපා හෙළන බවටත් මෙම අසත්‍ය වාර්තා මඟින් පෙන්වා දී තිබේ.
මින් පෙර කිසිකලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීතිවිරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට එම පුවත් නිර්මාණය කරන අය උත්සහ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
එම වාර්තාවල මුළුමනින්ම අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇති අතර මෙම අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත, රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කර ඇති බව සඳහන්ය.
එසේ පළ කෙරෙන පුවත් අසත්‍යය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කෙරෙන අතර පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
විපක්ෂයේ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවන් ද මෙම අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් ලබාදෙන අතර ඔවුන්ගේ රැස්වීම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවල දී පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කිරීම ද සිදුකර තිබේ.

COMMENTS