දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිව් ෆෝට්‍රස් සමාගම බැසිල් එක්ක ගහන ගිවිසුමට විරුද්ධ කැබිනට් ඇමතිවරුනි… එළියට බහින්න… වෘත්තීය සමිති ඉල්ලයි
Homeප්‍රවෘත්ති

නිව් ෆෝට්‍රස් සමාගම බැසිල් එක්ක ගහන ගිවිසුමට විරුද්ධ කැබිනට් ඇමතිවරුනි… එළියට බහින්න… වෘත්තීය සමිති ඉල්ලයි

PropellerAds

කැබිනට් මණ්ඩලයටත් නොදන්වා  අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියම...

සනත් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වේ
පස් අවුරුදු පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 28 ක් - සුව ඇමැති
ජනරාල් ජගත් ජයසූරිය මහ රෑ බ්‍රසීලයෙන් පළා යයි- අද හවස ලංකාවට!
කැබිනට් මණ්ඩලයටත් නොදන්වා  අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සමාජික රන්ජන් ජයලාල් ඊයේ ප්‍රකාශ කළේය.

මීට පෙර අත්සන් කළ ගිවිසුමේ දිගුවක් ලෙස මෙම ගිවිසුම අත්සන් කරන බවත් ඒ සඳහා නිව් ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙරටට පැමිණීමට නියමිත බවත් ඔහු කීවේය.

අදාළ ගිවිසුම පිළිබඳ රටට හෙළිදරව් නොකරන්නේනම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරතවන  ඔහු විසින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධව ලංකාසර අපි අද (12) ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සමාජික රන්ජන් ජයලාල්ව විමසුවෙමු.

ඔහු කී කතාව මෙසේය.

“අපට තොරතුරක් ලැබිලා තියනවා කැබිනට් එකට නොදන්වා නැවත වරක් ඇමරිකානු ෆෝට්‍රස් සමාගම සමග ආණ්ඩුව  ගිවිසුමක් අත්සන් කරන්න යනවා කියලා. එම සමාගමේ නියෝජිතයෙක් එක්ක සැප්තැම්බර් 12 මධ්‍යම රාත්‍රියේ 12.06ට අත්සන් කරලා තිබුණෙ  රාමුගත ගිවිසුමක් කියලා රජය කිවුවා.. ඒ ගිවිසුමේ දිගුවක් ලෙස තව ගිවිසුමක් අත්සන් කරනවා කියලා කියලා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු අපට දන්වලා තියනවා. “

“ඔවුන් අපට දන්වා ඇති ආකාරයට ඒ සඳහා ඇමරිකන් නිවු ෆෝට්‍රස් සමාගමේ   ප්‍රධාන විධායක නිළධාරීවරයා තමන්ගෙ පුද්ගලික ජ්‍ටේ යානයකින් අද  මෙරටට පැමිණෙනවා. මේ ගමන ගැන කැබිනට් ඇමතිවරු අපට කියනවා මේ පුද්ගලයාගෙ ගමන ගැන ඔවුන් දැනුම්වත් කර නෑ කියලා.“

“ඔවුන් අපට කියන ආකාරයට එක්කෝ අද (12  මේ ගිවිසුම අත්සන් කරනවා.  අද සවස 05ට කැබින්ට් එක තියනවා. කැබිනට් එකට මේ ගිවිසුම  යොමු කරන්නෙ නැති බව තමයි ඔවුන්   සඳහන් කරන්නේ. “

“අපි කැබිනට් ඇමතිවරුන්ට කිව්වා මේක අපට කියලා හරියන්නෙ නෑ. මේක විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ඔබ කැබිනට් එකෙන් එළියට බැහැලා විරෝධය පල කරන්න කියලා. ‘

“ඇත්තටම ඒ අය කැබිනට් ඇමතිකම් බේරගෙන අප හරහා හරහා විරෝධතාවයක් ඇති කරන්න හදනවා. අප බලාගෙන ඉන්නවා මේ මොකක්ද වෙන්නෙ කියලා. අපි තවම තීන්දුවක් ගෙන නෑ. මොකක් ද කරන්නෙ කියලා.  දැනට සේවකයින් දැනුම්වත් කිරීම් ටිකක් කරගෙන යනවා.‘

“අපි ආණ්ඩුව දැනුම්වත් කළා අද දවල් 12 වෙනකොට මේ ගිවිසුම මොකක් ද, මේ ගිවිසුම රටට හිතකර ද නැද්ද, ගිවිසුමේ අන්තර්ගතය මොකක් ද?, අවෙ කවුද, කැබිනට් ඇමතිවරු අපට කිව්වෙ බොරුවක් ද, ඇත්තක් ද කියලා අපට කියන්න කියලා.

අද දවස අපි බලනවා. අපට හදිස්සියක් නෑ. අවබෝධයෙන්  බලන් ඉඳලා ඒ අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග තෝරනවා. මේක අත්සන් කළත් නැතත් ඒ බව අද හවස අපිට දැනගන්න පුලුවන් වේවි. ‘

“කොහොමත් මේක රටට හිතකර ගිවිසුමක් වෙන්නෙ නෑ. එහෙම නම් මේ විදිහට සඟවාගෙන අත්සන් කරන්න අවශ්‍ය නෑ. රටට හිතකරනම් මෙය අණබෙර ගහමින් කරන්න ඕන වැඩක්.“

“මේ කිටයුත්තෙ ඉස්සරහින් ඉන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ.  මේක පැහැදිලිවම ඔහුගේ පුද්ගලික උවමනාවට ජාතික ප්‍රශ්නයක් සම්බන්ධව අතිශය අගතිගාමීව හැසිරෙනවා.  කැබිනට් මණ්ඩලයක් කියන්නෙ සාමුහික වගකීමක්. ඒ සාමුහික වගකීම රටක ජාතික ප්‍රශ්නයකට අතිශයින්ම වැදගත්. ගමේ මරණාධාර සමිතියක පුටු ටික බෙදන්නත් බෑ කාරක සභාවෙ අනුමැතිය නැතිව. මේ ගිවිසුමේ මුල් අදියර ගැන රටට හෙළි කළෙත් නෑ. අපි කියන දේ වැරදියි කියන්නෙත් නෑ. “

“කොහොමත් මේ සිද්ධවෙන දේ ගැන දැඩි අවධානයෙන් අපි බලාගෙන ඉන්නවා. හරියටම සිද්ධිය ගැන තෝරගෙන තමයි අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්නෙ. “

“සමහර විට එය හෙට වෙන්න පුලුවන්.“

-කීර්ති ප්‍රනාන්දු

රන්ජන් ජයලාල් වැඩිදුරටත් කීවේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිව් ෆෝට්‍රස් සමාගම බැසිල් එක්ක ගහන ගිවිසුමට විරුද්ධ කැබිනට් ඇමතිවරුනි… එළියට බහින්න… වෘත්තීය සමිති ඉල්ලයි
නිව් ෆෝට්‍රස් සමාගම බැසිල් එක්ක ගහන ගිවිසුමට විරුද්ධ කැබිනට් ඇමතිවරුනි… එළියට බහින්න… වෘත්තීය සමිති ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQlopV5khv4LFx-jRjZ-b3Y5nsPRKyOGkrlzfflwdsHCcurI_qXh57dxqt779VaVXZHNS8hVnfmUWl6hLc0p5ES3p0HPgJ-UbJkoer839dWiBES6uAr4ZwIYxvuHQta6QQyw16rF4QqrIa/s320/Ranaj-Jayalal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQlopV5khv4LFx-jRjZ-b3Y5nsPRKyOGkrlzfflwdsHCcurI_qXh57dxqt779VaVXZHNS8hVnfmUWl6hLc0p5ES3p0HPgJ-UbJkoer839dWiBES6uAr4ZwIYxvuHQta6QQyw16rF4QqrIa/s72-c/Ranaj-Jayalal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_234.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_234.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy