ලබන 21 වැනිදා පාසලට පැමිණිය යුතු බවත් එසේ නොපැමිණියහොත් උස්සන බවට තර්ජනය කරමින් බණ්ඩාරගම කොට්ඨාසයේ පාසල් ගුරුවරුන්ට බුද්ධි අංශයෙන් යයි කිය...
ලබන 21 වැනිදා පාසලට පැමිණිය යුතු බවත් එසේ නොපැමිණියහොත් උස්සන බවට තර්ජනය කරමින් බණ්ඩාරගම කොට්ඨාසයේ පාසල් ගුරුවරුන්ට බුද්ධි අංශයෙන් යයි කියාගත් පුද්ගලයන් දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් මෙම දුරකථන ඇමතුම් තමන් විවෘත ව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතාට ඉදිරිපත් කරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
මහින්ද ජයසිංහ මහතා මෙම දුරකථන අංක ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළේය. ඔහුට අනුව එම දුරකථන අංක වන්නේ 0712447993 , 0705464412, 0774845050 වන අතර හැකිනම් මේ දුරකථන අංක කාගේද එසේ ගුරුවරුන්ට තර්ජනය කළ පුද්ගලයන් සැබෑවටම බුද්ධි අංශයෙන්ද නැතිනම් වෙනත් පුදගලයන්දැයි සොයා බලන ලෙස ජයසිංහ මහතා ඉල්ලා අමාත්‍ය වීරසේකරගෙන් සිටියේය.
සාධාරණ අරගලයක නියැළෙන ගුරුවරුන් මෙම තර්ජන ගර්ජනවලට බිය නොවන බවත් හිසට එල්ල කරන තුවක්කුවලින් ගුරුවරුන් බිය ගැන්විය නොහැකි බවත් අවධාරණය කළ මහින්ද ජයසිංහ මහතා මෙම ගුරු අරගලය දිගටම කරන බව සඳහන් කළේය.
නාඳුනන දුරකථන ඇමතුම් හඳුනාගැනීමට සහය වන ජංගම දුරකථන යෙදවුමකින් පරීක්ෂා කර බැලීමේ දී ඉහත සඳහන් දුරකථන අංක කිසියම් පුද්ගලයකු නම්කර ඇති ආකාරය දිස්වුයේ මෙලෙසයි.
-lankasara

COMMENTS