උතුරු පළාතේ ඇති බුදු පිළිම බුදු මැදුරු හා බෝධීන් වහන්සේලා සම්බන්ධයෙන් යළිත් වරක් අර්බුදයක් මතු වී තිබේ. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධ...
උතුරු පළාතේ ඇති බුදු පිළිම බුදු මැදුරු හා බෝධීන් වහන්සේලා සම්බන්ධයෙන් යළිත් වරක් අර්බුදයක් මතු වී තිබේ.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සිටි මුලතිව් පළාතේ මන්ත්‍රී ටී.රවිහරන් මහතා කියා සිටින්නේ මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරය කළින් මුලතිව් පළාතේ පිහිටි විහාරස්ථානයක් නොවන නිසා එහි ඇති බුදුපිළිමය හා විහාරය ඉවත් කළ යුතු බවයි.
මෙම විහාරස්ථානය හා අළුතින් තබන ලද බුදු පිළිමය ඉවත් නොකරන්නේ නම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආයතන වලටත් මේ විහාරයේ අයිතිකරුවන් යැයි කියන පිරිසටත් එරෙහිව අධිකරණයේ නඩු පවරණ බවද ඔහු කියා සිටියි.
සිය බැතිමතුන්ට කෝවිලට යෑමට තිබූ පාර අවහිර කරමින් බුදු පිළිමයක් තැබීම නිසා පළාතේ ජනතාව අතර නොමැති ප්‍රශන ඇති කොට ඇති බව කියන හිටපු මන්ත්‍රීවරයා පසුගිය දිනවල ජනාධිපතිවරයා මුලතිව් පළාතට පැමිණ ජනතාවට බාරදුන් ඉඩම් වලද බුදු මැදුරු හා බුදු පිළිමද බෝධීන්ද ඇති බව කියා සිටියි.
යුද හමුදාව විසින් ඒවා ඉදිකොට වන්දනාමාන කළද ඔවුන් එම ස්ථාන වලින් යන විට ඒවා ඉවත් කිරීමට පියවර ගෙන නොමැත්තේ අහිංසක දෙමළ ජනතාව පිට විශාල වරදක් පැටවීමේ චේතනාවෙන් බවද රවිහරන් මහතා කියා සිටියි.
උතුරේ මෙම ඉඩම් හිමි පුද්ගලයින් කිසිවෙකුත් බෞද්ධයන් නොවන නිසා දකුණේ භික්ෂූන් වහන්සේලාත් පුරා විද්‍යා නිලධාරීනුත් පැමිණ වහාම එම බුදු පිළිම,බුදු මැදුරු හා බෝධීන් ඉවත් කරණ ලෙස ලෙස ඔහු ඉල්ලීමක් කොට තිබේ.
මේ ආගමික සංකේත තිබියදී එම ඉඩම් වල දෙමළ ජනතාව පදිංචි වී ජීවත් වීමට අකැමති බව දකුණේ සියළු දෙනා තේරුම් ගත යුතු බව පවසන හිටපු මන්ත්‍රීවරයා මෙහි ජීවත්වන අහිංසක දෙමළ ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරණ ලෙසද ඉල්ලා සිටියි.
(දිනසේන රතුගමගේ)
COMMENTS