දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
භයානක කටයුත්තකට ආණ්ඩුව අරඅඳිමින් ඉන්නවා - විපක්ෂ නායක (video)
Homeප්‍රවෘත්ති

භයානක කටයුත්තකට ආණ්ඩුව අරඅඳිමින් ඉන්නවා - විපක්ෂ නායක (video)

PropellerAds

භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි සම්පූර්ණ බොරුවක් මවාපාමින් ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එය සහමුලින්ම ආණ්ඩුවේ වැරදි සහ නොහැකි...

කැබිනට් සාමූහිකත්වය කඩකළා! විමල්-වාසු-උදය කැබිනට් මණ්ඩලයෙන් අස්වුණා නම් හොඳයි! ජනපති පළමු වරට විමල්ලා ගැන ප්‍රසිද්ධියේ කතා කරයි! EXCLUSIVE
ඩොලර් මිලියන 6.7ක් ගෙව්වත් වැඩක් නෑ! චීන පොහොර සමාගම ලංකාවෙන් පළිගන්න ලෑස්ති වෙයි!
අගමැති තිරුපති ගියේ පුද්ගලික ගුවන් යානාවකින්…
භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි සම්පූර්ණ බොරුවක් මවාපාමින් ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එය සහමුලින්ම ආණ්ඩුවේ වැරදි සහ නොහැකියාවන් වසා ගැනීම සඳහා ගෙන එනු ලැබූ අත්තනෝමතික ක්‍රියාවලියක් පමණක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

2003 අංක 9 දරණ පාරිභෝගික පනත හරහා ඒ කටයුත්ත මැනවින් සිදු කර ගැනීමේ හැකියාව ඇතත් කඩිමුඩියේ ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමෙන් කවුරු වන්නේ ඊට වඩා භයානක කටයුත්තකට ආණ්ඩුව අර අදිමින් සිටින බවද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රට , ඒකාධිපතිත්වයකට යොමු කරමින් අත්තනෝමතික ලෙස මානව හිමිකම්වලට පවා අභියෝග කිරීම බව පැහැදිලි වන්නේ යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

ආණ්ඩුව හදිසි නීතිය ගෙන ආ පලියට මෙරට ආසාධිතයින් ප්‍රමාණය අඩු වෙන්නේ නැති බවත්, අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙන්නේ නැති බවත්,කොරෝනා මර්දනය කිරීම සඳහා හදිසි නීතියෙන් සහයක් ලැබෙන්නේ නැති බවත් පැවසූ විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පවසා සිටියේ රටේ භාණ්ඩ මිල හෝ විදේශ සංචිත ප්‍රමාණය හෝ පාලනය කර ගැනීමට බැරි ආණ්ඩුවකට හදිසි නීතිය අවශ්‍ය වන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට පමණක් බවය.

ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හරවමින් ඒකාධිපති ගමනකට අරඅඳින මෙම හදිසි නීති ගැසට්ටුව වහාම ආපසු හරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට පාරිභෝගික පනත සක්‍රීය කරන ලෙසත් ඒ හරහා පාරිභෝගික භාණ්ඩ සඟවාගෙන සිටින පුද්ගලයින්ට දැඩි දඩුවම් පමුණුවනු ලෙසත් ඉල්ලා සිටියේය.

හදිසි නීතිය ගෙන ඒමේ ක්‍රියාවලියට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සහමුලින්ම විරුද්ධ බවද ඒ මහතා පැවසීය .


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: භයානක කටයුත්තකට ආණ්ඩුව අරඅඳිමින් ඉන්නවා - විපක්ෂ නායක (video)
භයානක කටයුත්තකට ආණ්ඩුව අරඅඳිමින් ඉන්නවා - විපක්ෂ නායක (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZwhDsSDCnyBOLDNYrXqIO3ZrD-HCa5-zOSryNoAqC3CxcroK4s1WfvX_i5dNGpv3G4yLCHSKF-IVez4fooasqBVpqY7iGtlwRNOlv5joaMk1buQnrJpUUQ0lxeff3assSUe0kGTw98Rkf/s320/sajith-premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZwhDsSDCnyBOLDNYrXqIO3ZrD-HCa5-zOSryNoAqC3CxcroK4s1WfvX_i5dNGpv3G4yLCHSKF-IVez4fooasqBVpqY7iGtlwRNOlv5joaMk1buQnrJpUUQ0lxeff3assSUe0kGTw98Rkf/s72-c/sajith-premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/video_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/video_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy