නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක් තුළ තිබී ඊයේ (14) දහවල් කාලයේදී අත් බෝම්බයක් සොයාගැනුණු බව පොලිසිය පවසයි...
නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක් තුළ තිබී ඊයේ (14) දහවල් කාලයේදී අත් බෝම්බයක් සොයාගැනුණු බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වූ ඉහළ පොලිස් නිළධාරියෙකු පවසා සිටියේ බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණු බවයි.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර, රෝහලේ සේවය කරන පුද්ගලයෙකු, සිදුවීම ඇසින් දුටුවෙකු සහ තවත් අයෙකු එම තිදෙනා වේ.
සිද්ධිය වාර්තා වූ වහාම එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායම් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය ස්ථානීය විමර්ශන ආරම්භ කර අතර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණියහ.
මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් හරහා රෝහලේ CCTV දර්ශන ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකය.

COMMENTS