දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජගිරියේ දී දිවි පරදුවට තියා කාර් එකේ එල්ලී කුඩුකාරයොත් එක්ක සටන් වැදුණු වීර පොලිස් නිලධාරියා - (video)
Homeප්‍රවෘත්ති

රාජගිරියේ දී දිවි පරදුවට තියා කාර් එකේ එල්ලී කුඩුකාරයොත් එක්ක සටන් වැදුණු වීර පොලිස් නිලධාරියා - (video)

PropellerAds

සමාජයට පිළිලයක් වී ඇති මත්කුඩු ජාවාරම් මඬින්නට පොලිස් නිලධාරීන් දරන්නේ දැඩි උත්සාහයකි. ඇතැම් අවස්ථාවල එම මෙහෙයුම්වලදී ඔවුන් සිය ජීවිත පව...

මාලදිවයින් - ශ්‍රී ලංකා සුව ඇමතිවරු හමුවෙයි
ආණ්ඩුව පෙරළීම සිහිනයක් - ජනාධිපති
කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..!
සමාජයට පිළිලයක් වී ඇති මත්කුඩු ජාවාරම් මඬින්නට පොලිස් නිලධාරීන් දරන්නේ දැඩි උත්සාහයකි.

ඇතැම් අවස්ථාවල එම මෙහෙයුම්වලදී ඔවුන් සිය ජීවිත පවා අවදානමේ හෙළනු ඇත.

ඒ බව මනාව තහවුරු වන සිදුවීමක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයෙන් අද (20) වාර්තා වුණි.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ මත්කුඩු වැටලීමකට යන්නේ ලද හෝඩුවාවකට අනුවය.

එලෙස ගමන් කරන අතරවායේදී ඔබේසේකරපුර මංසන්දියට නිල් පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙක්, අසල නවතා තිබු මෝටර් රථයකට යම්කිසි පාර්සලයක් ලබා දෙන බවට නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

එම පාර්සලය තුළ මත්කුඩු තිබේදැයි මතුවූ සැකය මත වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ත්‍රිරෝද රථය අසලට ගොස් එහි සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරනු ලබයි.

පසුව ත්‍රිරෝද රථයේ යතුර සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් ගමන් කරන්නේ මෝටර් රථය අසලටය.

එහිදී නිලධාරීන් මෝටර් රථය අසලට ගමන් කිරීමත් සමඟ සැණින් ක්‍රියාත්මක වන රියදුරු මෝටර් රථය ධාවන කරන්නට පටන් ගනී.

එහිදී එක් නිලධාරියෙකු මෙලෙස රථය නතර කිරීමට උත්සාහ කරන්නේ මෝටර් රථයේ “බොනටය” මත එල්ලී තම ජීවිතය පවා පරදුවට තබමිනි.

ඒ අතර වාරයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයෙන් පැමිණි පුද්ගලයෙකු පළා යන අයුරු ඒ අසල වු CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි.

මීටර 500ක් පමණ දුර මෝටර් රථය වේගයෙන් ධාවනය කළ සැකකරු පසුව සැණෙකින් තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමඟ පොලිස් නිලධාරියා බිම ඇද වැටී තිබුණි.

එහිදී නිලධාරියාගේ හිසට හා පාදයට තුවාල සිදු වී ඇති අතර හිසට මැහුම් 4ක් යොදා ඇති බව වාර්තා වේ.

එම ත්‍රාසජනක සිදුවීමට මුහුණ දුන් පොලිස් සැරයන් වසන්ත මීට පෙරද වැටලීම් රැසක් සිදුකර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දුන් දක්ෂ නිලධාරියෙක් බව පොලීසිය පවසයි.

නිලධාරීන් මෝටර් රථය හඹා යන අතරතුරදී පාර්සලය රැගෙන ආ ත්‍රිරෝද රථයේ රියදුරු රථය රැගෙන පළාගොස් ඇති අතර රථයේ යතුර පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබූ නිසා ඔහු ත්‍රිරෝද රථය පණගන්වා තිබුණේ වෙනත් ක්‍රමයකිනි.

පළාගිය මෝටර් රථය CBK – 3981 අංක තහඩු සහිත ටොයෝටා විට්ස් වර්ගයේ අළු පැහැති රථයක් බව පොලීසිය පවසයි.

එය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

එමෙන්ම වැඩිදුර විමර්ශන සඳහා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත නිලධාරී කණ්ඩායම් දෙකක් පත්කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජගිරියේ දී දිවි පරදුවට තියා කාර් එකේ එල්ලී කුඩුකාරයොත් එක්ක සටන් වැදුණු වීර පොලිස් නිලධාරියා - (video)
රාජගිරියේ දී දිවි පරදුවට තියා කාර් එකේ එල්ලී කුඩුකාරයොත් එක්ක සටන් වැදුණු වීර පොලිස් නිලධාරියා - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOfqCp16Bp-RJxV0TNZRTyzcisD-j0kTLIOsZICkYFOwoYVRuuVita0wk5j46cVELji8USig_BRuEuSO6LpjmZC2eKME87C4O6P8NdSEx4lftYTNJ6Emo1Zyg2_fpUGt3UenrhTqdYfE-3/w320-h164/image_08bd9186f7-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOfqCp16Bp-RJxV0TNZRTyzcisD-j0kTLIOsZICkYFOwoYVRuuVita0wk5j46cVELji8USig_BRuEuSO6LpjmZC2eKME87C4O6P8NdSEx4lftYTNJ6Emo1Zyg2_fpUGt3UenrhTqdYfE-3/s72-w320-c-h164/image_08bd9186f7-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/video_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/video_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy