සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා මෙරටට පැමිණි මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුන් නසීම් මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ...
සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා මෙරටට පැමිණි මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුන් නසීම් මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.
මාලදිවයින් ජාතිකයන්ට මෙරටදී ලබාගත හැකි සෞඛ්‍ය පහසුකම් ගැන අමාත්‍යවරුන් දෙදෙනා අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි. මාලදිවයින් රජයේ සහතිකය මත මාලදිවයින් ජාතිකයන්ට වකුගඩු සැත්කම් සිදුකළ හැකි බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.
සිය රටේ සේවය කිරීමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ක්ෂය රෝග පරීක්ණ සිදුකර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ මාල දිවයින් සෞඛ්‍ය අමාත්‍යවරයාට රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ක්ෂය රෝගය පමණක් නොව එච්.අයි.වී. සහ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ද සති දෙකකට වරක් පරීක්ෂණ සිදුකළ යුතු බවයි.
සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග රටවල සැසිවාරයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ගිවිසුම් අත්සන් කළහැකි බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS