එම පිරිස් පාර්ලිමේන්තුවෙ 113 ක බහුතරයක් පිහිටුවාගනිමින් ආණ්ඩුවක් පිහිටුවීම පමණක් නොවන ජනාධිපති තනතුර වෙනස් කිරීම සඳහාද සිහින දකිමින් සිටි...
එම පිරිස් පාර්ලිමේන්තුවෙ 113 ක බහුතරයක් පිහිටුවාගනිමින් ආණ්ඩුවක් පිහිටුවීම පමණක් නොවන ජනාධිපති තනතුර වෙනස් කිරීම සඳහාද සිහින දකිමින් සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ නායකයා ජනාධිපති බැවින් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය නොමැතිව කිසිවෙකුටත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වූයේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමිනි.
ඇතැම් මාධ්‍ය රට ගැන හැඟීමක් නොමැති මිනිසුන්ගේ හිස් ප්‍රකාශ උලුප්පා දක්වන බවත් ඒ නිසා රජය ගැන වැරදි අවබෝධයක් ජනතාව තුළ ඇතිවන බව ද ජනාධිපතිවරයා පවසයි.
පැවති පවුල් පාලනය වෙනස් කරමින් මේ වනිවිට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇති බවත් වංචාව, දූෂණය, නාස්තිය පිටුදැකීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
COMMENTS