ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මත දෙකක හිඳිමින් කටයු...
ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මත දෙකක හිඳිමින් කටයුතු කරමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කබ්රාල් මහතා මහ බැංකු අධිපති තනතුර භාරගැනීමට පෙරත්, ඊට පසුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට තමන් කටයුතු නොකරන සඳහන් කර ඇතත්, මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.
මුදල් අමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කොට මුල්‍ය අර්බුදය විසඳාගැනීම සඳහා පියවර ගත යුතු බවයි.
කෙසේවුවද, හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයකු මෙන්ම ජනාධිපති ලේකම්වරයාද වන ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතාට හිතවාදී මතයක බව පැවසේ.
ඔහු පසුගිය සතියේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වත්මන් මහ බැංකු ප්‍රතිපත්ති දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.
එහිදී පී.බී. කියා සිටියේ දැන් කළ යුත්තේ ආනයන සීමා දැඩි කිරීම නොව, ආනයන සීමා ලිහිල් කිරීම යැයි කියාය.
කෙසේවුවද, ඉන්ධන ආනයනය සීමා කළ යුතු පී.බී. තවදුරටත් සඳහන් කර සිටියේය.
මහ බැංකුව රටේ ආර්ථික දිශානතිය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොමැතිව එදිනෙදා වැඩකටයුතු පමණක් කිරීමට මහ බැංකුවක් වැඩක් නැති බවත් පී.බී. වැඩිදුරටත් පවසා තිබිණි.
-srilankamirror
COMMENTS