ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළ කළ අදහසක් මෙසේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් තම ට්විවර් ගිණුමේ තබන ලද සටහනක්...
ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළ කළ අදහසක් මෙසේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් තම ට්විවර් ගිණුමේ තබන ලද සටහනක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල විවේචනාත්මකව අදහස් පළ වෙයි.
ගොඩහේවා මහතා සඳහන් කර ඇත්තේ වසර කිහිපයකට පෙර රූපවාහිනි මධ්‍යස්ථානයකට දේශපාලනඥයෙක් කඩා වැටුණු විට එවක රජය ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.
නමුත් වර්තමාන රජය කාලයේ පිළිගත නොහැකියි සිදුවීම් වූ විට වේගයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන සතුටු වන බවත් කිසිවකුට ඉහළින් නීතිය සිටින බවක් නොදැනෙන බවත් එහි සටහන්ය.
නමුත් සමාජ ජාල වල ප‍්‍රතිචාර දක්වන්නන් සටහන් කරන්නේ ඇමතිවරයා විසින් සිහිපත් කරන දේශපාලනඥයා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බවයි. එවක ජනාධිපතිවරයා වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවත් වත්මන් ජනාධිපතිවරයා එවකට ආරක්ෂක ලේකම් බවද ප‍්‍රතිචාර දක්වන්නෝ කියා සිටිති.
When a politician broke into a TV station years back, Gvt didn’t take any action and it didn’t go well with the people.But today we are happy to see President and PM responding fast when such unacceptable incidents take place.Politicians should not feel they are above the law.
— Dr Nalaka Godahewa (PhD, MBA,BSc.Eng,FCIM,FCMA) (@GodahewaNalaka) September 16, 2021

COMMENTS