දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම් - ආචාර්ය නන්ද ගුණවර්ධන
Homeප්‍රවෘත්ති

කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම් - ආචාර්ය නන්ද ගුණවර්ධන

PropellerAds

කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කර මාසයක් ඇතුළත රට යථා තත්වයට පත් කිරීමට ජනාධිපතිවරයාට සහාය ලබාදිය හැකි යැයි ශ‍්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ප...

මැලේසියා මහකොමසාරිස්ට ආරක්ෂාව ඉල්ලයි - මෙරටට කැඳවීමේ තීරණයක්?
භාරත ඝාතනයේ නඩුවේ තීන්දුව හෙට
අතුරුදන්වූ බණ්ඩාරගම ව්‍යාපාරිකයා යාපනෙන් හමුවෙයි
කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කර මාසයක් ඇතුළත රට යථා තත්වයට පත් කිරීමට ජනාධිපතිවරයාට සහාය ලබාදිය හැකි යැයි ශ‍්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ හා අන්තර්ජාතික අංශයන්හි අධ්‍යක්ෂ ආචාර්ය නන්ද ගුණවර්ධන සදහන් කළේය.

කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කරගැනීම සදහා තමන් ඇතුළු කණ්ඩායමක් විසින් නිපදවූ මේගා ප‍්‍රයිම් හෙවත් කරාපිටියේ කොරෝනා කරල භාවිතා කිරීම තුළින් මෙසේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට කටුයතු කළ හැකි යැයි ජනාධිපතිවරයාට සෘජුවම දැනුම් දෙන බවද ආචාර්ය නන්ද ගුණවර්ධන කීවේය.

යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡුාවකට එක්වෙමින් අදහස් දැක්වූ ඔහු මෙසේද සදහන් කළේය.

මම ඇමරිකාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන ටෙක්සාස් හි බේල විශ්ව විද්‍යාලයේ අවුරුදු පහමාරකින් ලබාගත යුතු ආචාර්ය උපාධිය වසර තුනහමාරකින් අවසන් කරලා තමයි ලංකාවට ආවේ. මේ වන විට ජාත්‍යන්තර ග‍්‍රාන්ට් හයක් තියෙනවා. එයින් පහක්ම අපි ලියලා අරගනිපු ඒවා. මම රසායන විද්‍යා අංශයෙන් තමයි ආචාර්ය උපාධිය ලබාගන්නේ.

මගේ මැදිහත්වීමෙන් තමයි කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග ශරීරයේ ප‍්‍රතිශක්තිය රදවාගැනීම සදහා වන කරල නිශ්පාදනය කළේ. වෛද්‍යවරු තමයි බෙහෙත් දෙන්නේ. බෙහෙත් හදන්නේ තවත් කට්ටියක්. බෙහෙත් හදන කණ්ඩායම්වල බොහෝ අවස්ථාවල නායකත්වය ලබාදෙන්නේ රසායන විද්‍යාඥයින්.

අපිට ප‍්‍රතිශක්තිය වර්ධනය කරන්න බැහැ. ප‍්‍රතිශක්තිය රදවාගැනීමට තමයි හැකියාව තිබෙන්නේ. අපි මේ කරල හදන්නේ ශරීරයේ ප‍්‍රතිශක්තිය රදවාගැනීමට උපකාර කිරීමටයි.

අපි මේකට ඉගුරු, සුදුළූණු, කොත්තමල්ලි භාවිතා කරලා තියෙනවා. සුදුළූණුවලින් නයිට‍්‍රික් ඔක්සයිඩ් වර්ධනය කරනවා. ඉගුරු – කොත්තමලිල් ප‍්‍රතිශක්තිය රදවාගන්න උදව් කරනවා. ඒ වගේම ආඩතෝඩ, වදකහ ඇතුළත් කරලා තියෙනවා.

මේ කරල ආහාරයක් විදියට තමයි අරගන්න තියෙන්නේ. මේ ආහාරයේ බැර ලෝහ නොමැති බව තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම තත්ව පරීක්ෂණ සහතික අරගෙන තියෙනවා. ඒත් ලංකාවේ තියෙන ආහාරවලින් සියයට අනූපහකට තත්ව පරීක්ෂණ අනුමැතියක් නොමැති බව කියන්න ඔ්න.

ආහාරයක් විදියට මේ කරල ගත්තාට පස්සේ ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාර තියෙනවා. විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු මේ ආහාරය අරගෙන හොද ප‍්‍රතිචාර තියෙනවා. අපිට තවම කිසිදු නරක ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ.

අපේ අය කොරොනාවලට මර බයේ ඉන්නේ. ඒ වගේම තමයි කොරෝනා හැදුනට පස්සේ කළ යුතු දේ ගැන නිශ්චිත ක‍්‍රමවේදයක් නෑ. අපි මේ කරලෙන් කොරෝනා හැදිලා මැරෙන ප‍්‍රමාණය අඩු කරනවා.

මේ ආහාර අතිරේකයෙන් ලැබෙන රසායනික ප‍්‍රතිචාරයන් ගැන මම පොඩි අදහසක් දෙන්නම්. සුදු ළූණු වගේ දේවල්වලින් රුධිර කැටිගැසීම් අඩු කරනවා. ඒ වගේම තමයි නියුමෝනියාවටත් ප‍්‍රතිචාර දක්වනවා

මේ කරල නිසා කොරෝනා මරණ අඩු කරලා, රට යථා තත්වයට පත් කරන්න පුලුවන්. අපි මේක කියන්නේ ජනාධිපතිතුමාටයි.

මේ කරල වෙනත් අයට නිශ්පාදනය කරන්න දෙන්න බැහැ. එහෙම වුනොත් මේකේ ප‍්‍රමිතිය අඩු වෙනවා. අපි ප‍්‍රමිතියක් ඇතිව මේක නිෂ්පාදනය කරලා, ප‍්‍රමිතියකට අනුව තමයි ඇසුරුම් කර තිබෙන්නේ.

මේගා ප‍්‍රයිම් කරල අරගෙන ඔ්නම තැනකින් ප‍්‍රතිචාර අරගෙන බලන්න. මේ ගැන කාට හරි සායනික පරීක්ෂණයක් කරන්න ඔ්න නම් හරියට ඒ දේ කරන්න ඔ්න. සායනික පරික්ෂණයක් කරන්න ඒක ඩිසයින් කරන්න ඔ්න. ලංකාවේ ක්ලිනිකල් ට‍්‍රයල් ඩිසයින් කරන්න ආචාර්ය උපාධියක් තියෙන කවුරුවත් ලංකාවේ නෑ.

කාට හරි අපේ නිශ්පාදනය ගැන කියන්න ඔ්න නම් ඒවා පාවිච්චි කරලා බලන්න කියලා ආරාධනා කරනවා. මිනිස්සු දහ දාහක් විතර මේක අරගෙන ලැබෙන ප‍්‍රතිචාරය තමයි තියෙන හොදම සාක්ෂිය. ඒක තමයි අපිට ලැබෙන හෘදය සාක්ෂිය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම් - ආචාර්ය නන්ද ගුණවර්ධන
කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම් - ආචාර්ය නන්ද ගුණවර්ධන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixN5VKt8xEfxkCamDMwZQVxc4P14rNJjeU4eVn_5hQKhGiB8C3J_LtYhm0_P1vv3QytKzAhVfefUNkfdlLyBoKcG3Kafw9k-nT2jpjDbkFWmRkLGNZgmCJYXc2OtJOK2EnkxgiB5uCeGkg/s320/nandana-gunawardana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixN5VKt8xEfxkCamDMwZQVxc4P14rNJjeU4eVn_5hQKhGiB8C3J_LtYhm0_P1vv3QytKzAhVfefUNkfdlLyBoKcG3Kafw9k-nT2jpjDbkFWmRkLGNZgmCJYXc2OtJOK2EnkxgiB5uCeGkg/s72-c/nandana-gunawardana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy