දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා කියා නවතන්නේ නෑ.. සංචාරක ව්‍යාපාරය කලින්ට වඩා දියුණු කරනවා
Homeප්‍රවෘත්ති

කොරෝනා කියා නවතන්නේ නෑ.. සංචාරක ව්‍යාපාරය කලින්ට වඩා දියුණු කරනවා

PropellerAds

කො විඩ් 19 වසංගතය පැවතිය ද  රටේ සංවර්ධන කටයුතු අඩාල වීමට රජය කිසිසේත් ඉඩ තබන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු ...

"ටයි කෝට් අඳින්නෙ නෑ - ඩොලරය අඩු කරනවා" - ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනත් දේශපාලනයට?
ජුලි මාසයේ සිට සෆාරී ජීප් රථ රියදුරන්ට බලපත්‍රය අනිවාර්යයි
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය
කොවිඩ් 19 වසංගතය පැවතිය ද  රටේ සංවර්ධන කටයුතු අඩාල වීමට රජය කිසිසේත් ඉඩ තබන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජය විසින් අතහැර දමා තිබු මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට වත්මන් රජය යලි ආරම්භ කර ඇති බවයි.

කොවිඩ් 19 හේතුවෙන් බිද වැටුන සංචාරක කර්මාන්තය ක්‍රමාණුකූලව යථා තත්වයට පත් කිරීම රජයේ අපෙක්ෂාව බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා විදේශිකයන් 500 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට විසා අයදුම් කර ඇතැයිද කියා සිටියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා එහි මංගල පස් පිඩැල්ල කැපීමෙන් උත්සවයට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය උත්සවය අද (25) කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදි පැවැත්විනි.

අද ඉදිකිරීම් ඇරඹුණු කටුනායක ගුවන්තොටුපලේ අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 236 කට අධිකය. ඉදිකිරීම් වසර 2 කින් නිම කිරීමට අපෙක්ෂිතයි. පෙර සවි කොන්ක්‍රීට් නිමාවෙන් යුත් තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත මෙම භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල තුල මුර ගෙවල් මාර්ග පද්ධති, වාහන අංගනයක් මෙන්ම යාන්ත්‍රික විදුලි හා තොරතුරු තාක්ෂණික අංශ වලින්ද සමන්විතයි. ශීතාගාර හා ස්වයං ක්‍රියාත්මක රාක්ක වල ගබඩා කිරීමේ පහසුකම්ද ඊට ඇතුලත්ය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේ නව අපනයන භාණ්ඩ පර්යන්තය ඉදි කිරීමෙන් වසරකට ගුවන් භාණ්ඩ මෙට්ට්‍ර්ක් ටොන් 150,000 ක ධාරිතාවකින් සමන්විත වන බවයි. කටුනායක ගුවන්තොටුපලේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ධාරිතාව වසරකට මෙට්ට්‍රිරික් ටොන් 250,000 කි. ඇමතිවරයා කිවේ. ගෝලිය කොවිඩ් 19 වසංගතය හමුවේ වුවද ජාත්‍යන්තර වෙළදපොළවල් වෙත එළවලු හා පළතුරු භාණ්ඩ ගුවන් ගත කිරීමට කටයුතු කළ බවයි. කටුනායක ගුවන්තොටුපල දකුණු ආසියාවේ  ගුවන් මගී හා ගුවන් භාණ්ඩ මෙහයෙුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බවද ඇමතිවරයා මෙහිදි කිවේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කිවේය.

“සංචාරක හා ගුවන්සේවා කේෂත්‍ර තමයි කොවිඩි 19 වසංගතයත් එක්ක ලෝකයේ වැඩි වශයෙන්ම අවධානමට ලක්වූනේ ගුවන්‍තොටුපල ආදායම සීග්‍රයෙන් අඩු උනා අපනයන සැකසුම් කළාප වල භාණ්ඩ අපනයනය අඩු උනා කොවිඩ් තිබුනත් මේ කේෂත්‍ර නැවත ආරම්භ කිරීමට ‍ලෝකයේ බොහෝ රටවල් වල අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව බොහෝ රටවල් සිය ගුවන්‍තොටුපල මෙහෙයුම් ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. ලෝකයේ බොහෝ රටවල් අතරින් අපි මේ සදහා ප්‍රමුඛත්වය ගත්තා. කොවිඩ් රට තුල පැතිර තිබූ කාලය තුල අපි ගුවන්තොටුපල යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගත්තේ අනාගතයට මුහුණ දීමේ එක් පියවරක් ලෙසයි පසුගිය රජය අත් හැර දැමූ ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අපි ආරම්භ කලේ ඒ අනුවයි. අද මේ අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදි කරන්නෙත් ඒ අනුවයි. නව පර්යන්තය ඉදි කිරීමත් සමග ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ පවතින ගැටලු වලට විසදුම් ලැබෙනවා.

සංචාරකයන්ට රට විවෘත කරපුහාම සමහරු හොද කියනවා, සමහරු බනිනවා. අපි සංචාරකයන්ට රට විවෘත කලේ පසුගිය 21 වෙනිදා මේ වෙනකොට සංචාරකයන් 400 ක් 500 ක් පමණ අපේ රටට එන්න විසා අයදුම් කර තිබෙනවා. වසරක් පමණක් ගත වන විට අපට සංචාරක ව්‍යාපාරය පැවති තත්වයටත් වඩා හොද මට්ටමකට ගෙන ඒමට හැකි වේවි. අපේ ඉලක්කය සංචාරක හා ගුවන් සේවා කේෂත්‍ර කොවිඩ් 19 පැමිණිමට පෙර තිබූ තත්වයටත් වඩා දියුණු කිරීමයි

රාජ්‍ය ඇමති ඩී.වී චානක මහතා

අපි ගත කරමින් සිටින්නේ අභියෝගාත්මක කාලයක් කොවිඩ් රෝගය රට තුල පැතිරුනාම අපි ගුවන්තොටුපල යටිතල පහසුකම් සංවර්ධණය කලා කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන කේෂත්‍ර දෙකක් තිබෙනවා එකක් තමයි මගී මෙහෙයුම් අනිත් එක ගුවන්‍ භාණ්ඩ මෙහයෙුම් වාර්ශිකව මිලියන 6 ක ධාරිතාවක් තමයි අපට ගුවන් මගී මෙහෙයුම් යටතේ කටුනායක තිබෙන්නේ එය මිලියන 15 ක් දක්වා වැඩි කර ගැනීමට අපි ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කලා. ගුවන් භාණ්ඩ මෙහෙයුම් ධාරිතාව වැඩි කර ගැනීම සදහායි අප මේ නව පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කලේ

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා කියා නවතන්නේ නෑ.. සංචාරක ව්‍යාපාරය කලින්ට වඩා දියුණු කරනවා
කොරෝනා කියා නවතන්නේ නෑ.. සංචාරක ව්‍යාපාරය කලින්ට වඩා දියුණු කරනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidDxXvBTjMQuABGNKf93Xt6ynmE6Vd8VDlWaMVbRak0GnATL6i9pFKkbyMsx_d9dw1A-ncB65caeWSCryXZvlqAWh4tkoMCjy0OEwou1FGOl3EoGIG6q1Ok4pcoRVNLr25QF8VWz1hGiw/s320/prasanna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidDxXvBTjMQuABGNKf93Xt6ynmE6Vd8VDlWaMVbRak0GnATL6i9pFKkbyMsx_d9dw1A-ncB65caeWSCryXZvlqAWh4tkoMCjy0OEwou1FGOl3EoGIG6q1Ok4pcoRVNLr25QF8VWz1hGiw/s72-c/prasanna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_367.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_367.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy