දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සියලුම සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් හැදුණත් සේවයට වාර්තා කිරීම අනිවාර්ය කරයි
Homeප්‍රවෘත්ති

සියලුම සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් හැදුණත් සේවයට වාර්තා කිරීම අනිවාර්ය කරයි

PropellerAds

වෛද්‍යවරුන්, හෙදියන් ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් වෛරසය ආසාදනය වුවද රාජකාරියට වාර්තා කිරීම අනිවාර...

පොලිසියෙන් සිවිල් ඇවිත් අරගලකරුවන් වීඩියෝ කරන්න ගිහින්! වැඩේ අතේ මාට්ටු! රාසමාණික්කම් සිංහලෙන් දෙමළෙන් දෙකෙන්ම හොඳටම දෙයි! (VIDEO)
ගෝටාභය-මහින්ද කණෙන් අල්ලා අලියට විසි කල යුතුයි..
තමන් ධුරයෙන් ඉවත් වන බව අගමැති භික්‍ෂූන් වහන්සේලාට දැනුම් දෙයි..
වෛද්‍යවරුන්, හෙදියන් ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් වෛරසය ආසාදනය වුවද රාජකාරියට වාර්තා කිරීම අනිවාර්ය කිරීමට අදාළ කාර්ය පටිපාටියක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවර ගනු ලැබ ඇති බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මත රෝහල් සහ සෞඛ්‍ය සේවා බිඳ වැටීමට ලක් නොවී අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් කොවිඩ් ආසාදිතයකු බවට පත් වුවද දැඩි අවදානම් තත්ත්වයේ නොමැති නම් ඔවුන් රාජකාරියට කැඳවීමටත් එහිදී ඔවුන්ට රෝහලේදී නිවසේදී සහ සමාජයේදී ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීමට අදාල මඟ පෙන්වීම් මාලාවක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකසනු ලැබ ඇත.

ලංකාසරට වාර්තා වන අන්දමට මෙහිදී රෝග ආසාදිතයකු බවට හෝ කොවිඩ් ආසාදිතයකුගේ ළඟම ආශ්‍රිතයකු බවට පත්වුවහොත් ඔවුන් පවතින තත්ත්වය හමුවේ රාජකාරී කටයුතුවලට සහභාගී කර ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට රෝහල් සහ අදාළ සෞඛ්‍ය ආයතන මට්ටමින් කමිටු පත් කිරීමට නියමිතය.

අදාළ සෞඛ්‍ය සේවකයාගේ තත්ත්වය පිළිබඳව මෙම කමිටුව විසින් ඇගයීමක් සිදු කරනු ලබනු අතර ඒ අනුව අදාළ ඇගයීමට ලක්වන සේවයකයන් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කිරීමට නියමිතය. එනම් දැඩි අවදානම්, මධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙසය.

මෙහිදී ආසාදිතයකු නොවන එහෙත් ආසාදිතයකුගේ ළඟම ආසාදිතයකු වන සෞඛ්‍ය සේවකයන් අඩුම අවදානම් කාණ්ඩයට අයත් වන අතර සුළු රෝග ලක්ෂණ පෙන්වන හෝ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් මධ්‍ය අවදානම් සහිත කාණ්ඩයට ඇතුළු කර ඇත. රෝග ලක්ෂණ තීව්ර සහ වෙනත් සංකූලතා පවතින සෞඛ්‍ය සේවක ආසාදිතයන් දැඩි අවදානම් කාණ්ඩයට වෙන් කිරීමට නියමිත අතර රාජකාරියෙන් බැහැර වීම සඳහා නිවාඩු ලැබෙන්නේ ඔවුන්ට පමණකි. සෙසු කාණ්ඩ දෙක රාජකාරියට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය සේවකයන් වෙත දැන්වීමට මේ වනවිට පියවර ගෙන ඇත.

මේ අයුරින් ආසාදිත සෞඛ්‍ය සේවකයන්ද රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන පසුබිමක් නිර්මාණය වී ඇති අතර ඔවුන් ට රාජකාරියේදී මෙන්ම බාහිර සමාජයේදී සෙසු පුද්ගලයන්ට රෝගය බෝ නොවන අකාරයෙන් වගකීම් සහිතව කටයුතු කිරීම පිළිබඳව මාර්ගෝපදේශනයක්ද සකස් කිරීමට පියවර ගෙන ඇතැයි සඳහන් වේ.

මෙම මාර්ගෝපදේශය සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් විසින් සකස් කරනු ලැබ ඇති අතර ඒ අනුව සෞඛ්‍ය සේවකයන්ට මෙම මගපෙන්වීම්වලට අනුව කළ යුතු බවට අවධාරණය කොට ඇත.
ඒ අනුව ඔවුන් රෝහලේ රාජකාරී කරන විට KN-95 ආරක්ෂක මුඛ ආවරණ සෑමවිටම අනිවාර්යයෙන්ම පැළදිය යුතුය. රෝගීන් පරීක්ෂා කිරීම් හෝ ඔවුන්ට ප්‍රතිකාර කිරීමට පෙරත් පසුවත් ඇල්කොහොල් සහිත සනීපාරක්ෂක දියර යොදා දෑත් පිරිසිදු කර ගත යුතුය. එමෙන්ම කාර්ය මණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකුට හෝ රෝගියෙකුට කතා කිරීමේදී සෑමවිටම මුහුණු ආවරණ (Face Shields) පැළදිය යුතුය.

රෝහල, කාර්යාලය හෝ ක්ෂේත්‍රය තුළ සිදුකරන රාජකාරී කටයුතු, දිනය ,ස්ථානය,වේලාව සහ හමුවන පුද්ගලයින් සටහන් කරමින් සටහන් පොතක් නඩත්තු කළ යුතුය. රෝහලේ රාජකාරියේදී හැමවිටම උදේ හෝ හවස වරු වලට පමණක් සීමා කළ යු.තු වන අතර රාත්‍රි සේවා මුර බැහැර කළ යුතුය.

Covid- 19 රෝග ලක්ෂණ ( උණ,කැස්ස,උගුර රිදීම, ඇඟ රිදීම / කොන්ද කැක්කුම,නාසය සිරවීම ආදිය ) පවතින්නේ නම් එදින සේවයට නොපැමිණ නිවසේ රැඳී සිටිය යුතු වන අතර මේ ත්ත්තවය පිළිබඳව අදාළ බලධාරියාට වාර්තා කළ යුතුය.

මේ පිළිබඳව තවත් මඟ පෙන්වීම්ද ඇතුළත් චක්‍රලේඛයක් සියලුම රෝහල්වලට යැවීමට කටයුතු යෙදෙන බව අමාත්‍යංශ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සියලුම සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් හැදුණත් සේවයට වාර්තා කිරීම අනිවාර්ය කරයි
සියලුම සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් හැදුණත් සේවයට වාර්තා කිරීම අනිවාර්ය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjO7UjHGnTI5kivyzVvkFLmZxsLZb0gK8AIzItFVxoPVwJvbJryPGniox4hRGsh3oO1NKeecnHuZ1Tl75oZ67wXIcifLOyUbd0abejjf3cOuV76RZRa9StzsixKdnHNXMDbgMWjNncNbVDZ/s320/Nurses.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjO7UjHGnTI5kivyzVvkFLmZxsLZb0gK8AIzItFVxoPVwJvbJryPGniox4hRGsh3oO1NKeecnHuZ1Tl75oZ67wXIcifLOyUbd0abejjf3cOuV76RZRa9StzsixKdnHNXMDbgMWjNncNbVDZ/s72-c/Nurses.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_374.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_374.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy