දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි
Homeප්‍රවෘත්ති

ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි

PropellerAds

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යොදන්නැයි ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුනේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්...

ධම්මිකගේ කොරෝනා පැණිය e-bay එකේ විකුණන්න දාලා - බෝතලය රුපියල් 48,500යි
චන්ද්‍රිකාගෙන් රන්ජන්ට ලියුමක් : විජය කියපු කතාවකුත් මතක් කරලා !
"බැසිල් පක්ෂය හැදුවේ නැත්තම් අපිට වෙන්නේ මෛත්‍රීට සැලියුට් ගහන්නයි , සජිත්ට මුට්ටි අල්ලන්නයි" - ධනසිරි අමරතුංග
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යොදන්නැයි ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුනේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සමුකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ලසන්ත අලගියවන්න මහතා,
සමුකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය,
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය,
කොළඹ.

ගරු රාජ්‍ය අමාත්‍යතුමනි,

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යෙදීම

මෙරට ගෑස් වෙළඳපොළින් 20% – 25%ක ප්‍රමාණයක්, එනම් ස්ථාවර පාරිභෝගිකයන් ලක්ෂ 20ක් පමණ සිටින ලාෆ්ස් ගෑස් සමාගම මේ වන විට ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම නවතා ඇති හෙයින් එම පාරිභෝගිකයන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව ඔබතුමන් ද හොඳින් දන්නා කරුණකි. එහෙත් මේ පිළිබඳව ඔබතුමන්ගේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් එකී අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මෙසේ ස්ථාවර පාරිභෝගික පිරිසක් සහිත භාණ්ඩයක් මිල වැඩි කිරීමේ ඉල්ලීම ඉටු නොකිරීම මත, එය වෙළඳපොළට නිකුත් කිරීම නතර කිරීම, සදාචාර විරෝධී ක්‍රියාවක් පමණක් නොව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නීතිමය වරදක් ද වේ.

පාරිභෝගික භාණ්ඩ වැඩි මිලට විකිණීම ආදී චෝදනා පිරික්සමින් කුඩා වෙළඳසැල් වෙත පවා පැමිණෙන, ඇතැම් අවස්ථාවලදී එවැනි පරික්සා බැලීම් සඳහා ජනමාධ්‍යයන්හි ද විශාල ඉඩක් වෙන්කර ගන්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යම් සමාගමක් මෙසේ සුවිශාල පාරිභෝගික ජනතාවක් බලවත් අපහසුතාවකට පත් කර ඇති අවස්ථාවක නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

ඔබතුමන් යටතේ පවතින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙසේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවකට පත් වන්නේ අප සියලුදෙනා නියෝජනය කරනු ලබන ආණ්ඩුව ය. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන කඩමින් ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට පිළියම් යොදන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි
මෙයට
විශ්වාසී

මොහොමඩ් මුසම්මිල්(පා.ම.),
මාධ්‍ය ප්‍රකාශක,
ප්‍රචාරක ලේකම් ,
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි
ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSTEhXLa9yr1vJNJzbIoLMKEzZNa7Fzf1JETvS1VlfMk_SfliB7UVma-z8y5YRosjKt6q8Ol8_L8qokGATkrKKAo6sbQLn4H5Ma8DVlGzCrJr873g2QmUSPsB3Qu0KEvOaM_Np4PK3rhl_/s320/gas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSTEhXLa9yr1vJNJzbIoLMKEzZNa7Fzf1JETvS1VlfMk_SfliB7UVma-z8y5YRosjKt6q8Ol8_L8qokGATkrKKAo6sbQLn4H5Ma8DVlGzCrJr873g2QmUSPsB3Qu0KEvOaM_Np4PK3rhl_/s72-c/gas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_364.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_364.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy