දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“ජීවත් වීම” උදෙසා සංචරණ සීමාවන් තීව්‍ර කරන්න - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිට ලියයි
Homeප්‍රවෘත්ති

“ජීවත් වීම” උදෙසා සංචරණ සීමාවන් තීව්‍ර කරන්න - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිට ලියයි

PropellerAds

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමාවන් තීව්‍ර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි. ජනාධිප...

තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්.
ගම්පහට විශේෂයි මවුපියන්ට සුවිශේෂයි.
'එයාලා බැන්නාවේ ඔයාලා නිකන් ඉන්න' අගමැතිගේ උපදෙස.
පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමාවන් තීව්‍ර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විවෘත ආයාචනයක් කරමින් එම සංගමය විසින් මෙම ඉල්ලීම කර ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

———–

අතිගරු ජනාධිපතිතුමා, රජය සහ මහජනතාව වෙත කෙරෙන විවෘත ආයාචනයක්

කොරෝනා ව්‍යසනයේ උච්චතම අවස්ථාවට පැමිණි ඇති මේ මොහොතේ ප්‍රමාද වී වුවද නිසි පිළියම් යෙදීම වඩා ඵලදායක විය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධ විශේෂඥයින්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අනිකුත් සියලුම  සෞඛ්‍ය කාර්ය මණ්ඩල මගින් සනාථ කර ඇති  ඩෙල්ටා ප්‍රභේදය නිසා වර්ධනය වෙමින් ඇති ඉතා අනතුරුදායක තත්ත්වය අපිදු අනුමත කරමු.

අපට දැනෙන, ඉදිරියේ දී ඇතිවිය හැකි දරුණු තත්ත්වය ගැන අප කරුණු පලකරන්නේ  විද්‍යාත්මක,  සංඛ්‍යාත්මක දත්ත මෙන්ම දැනට ඇස් පනාපිට පෙනෙන යථාර්ථය මනාව අධ්‍යයනය කිරීමෙන් පසුවය. (මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ කමිටු වාර්තාව සලකා බැලීම ද වැදගත්ය)

ඔබතුමා ඇතුළු රජය මගින් දැනට යොදා ඇති සංචරණය සීමාවන්  අප විසින් අගය කරන අතර ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රවර්ධනය අසීමිත ලෙස වැඩි වුවහොත් එයින් ඇතිවන ඉතාමත් භයානක ප්‍රතිඵල යම් හෝ පාලනයක්  සඳහා සංචරණ නීති සහ අනිකුත් නීති තවත් විශාල ලෙස වැඩි කළ යුතු බව අපගේ හැඟීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුව විසින් ද මෙය අනුමත කර ඇත.

රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමේ හැකියාව එහි උපරිම ධාරිතාව ට වඩා දැනටමත් ඉහළ ගොස් ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම රෝග නිවාරණයේ නියුතු කාර්ය මණ්ඩලය ද ඉතා දැඩි ලෙස වෙහෙසට පත්වී ඇත. විශේෂයෙන්ම ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බැවින් රෝගීන්ට අවශ්‍ය උපරිම ප්‍රතිකාර කිරීමේ හැකියාව අප අතින් දැනට ම ගිලිහී ගොස් ඇත. මෙයින් සුව කල හැකි කොවිඩ් නොවන රෝගීන්ට ඇති වන බලපෑම අති විශාලය. එමෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ක්ෂෙත්‍රයේ සේවය කරන්නන් වෛරසයට ගොදුරු වීම ද දිනෙන් දිනම වැඩිවෙමින් පවතී.

අප දැනටමත් ප්‍රමාද වැඩි බව සත්‍යයක් වුවත් මේ මොහොතේ දී හෝ ඉතා දැඩි සංචාරණ සීමා ක්‍රියාත්මක කිරීම මෙම වසංගතය යම් තරමකට හෝ පාලනය කරගැනීමට ඉවහල් වනු ඇත. කොරෝනා වසංගතයේ උච්ඡතම අවස්ථාවට අප පැමිණ ඇති මේ අවස්ථාවේ අපට කළ හැකි ප්‍රධානම කර්තව්‍ය නම් පුද්ගලයෙකු මගින් පමණක් තවත් පුද්ගලයකුට පැතිරවීමේ හැකියාව ඇති මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට ඇති ප්‍රධානම මාර්ගය, එනම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමයි. අප විසින් අපගේ එන්නත්කරණ ඉලක්ක සපුරා ගන්නා තුරු රෝගය පැතිරීම සහ ඉන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම් සඳහා ඇති එකම විකල්පය එය බව අපගේ විශ්වාසයයි.

ඉතා ඉක්මනින් මෙන්ම දැඩිව  මෙම සංචරණ සීමා ක්‍රියාත්මක නොකළහොත් අප විසින් මින් පෙර  කිසිදාක අත්  නොදුටු දරුණු ප්‍රතිඵල අපට අත්විඳීමට සිදුවනු ඇත.

එම නිසා වගකිවයුතු වෛද්‍ය සංවිධානයක් ලෙස අප විසින් මින් පෙර ද සිදු කළ ආකාරයෙන්ම මෙම ආයාචනය සිදු කරන්නේ හුදෙක් පොදු මහජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කරගෙන පමණක්ම බව  අවධාරණය කරනු කැමැත්තෙමු.

එසේම කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා  අප සියලු ආගමික නායකයින්, සිවිල් සාමාජික සංවිධාන මෙන්ම පොදු ජනතාවට එකසේ ආයාචනා කරන්නේ මෙම රෝගයෙන් මිදීමට නම් තමන්ගේම ස්වයංසංචරණ සීමා සඳහා වහාම යොමු වන ලෙසයි. මෙය එක් එක් පුද්ගලයකුට පමණක් සීමා නොවිය යුතු අතර වෙළඳ ව්‍යාපාර, සාප්පු සංකීර්ණ,කර්මාන්ත ශාලා,රජයේ කාර්යාල, භෝජන ශාලා, මෙන්ම අනෙකුත් උත්සව ශාලා වලටද ඒවායේ පාලකයින් හෝ හිමිකරුවන් විසින් තමන්ගේ මෙන්ම තම ආයතනයේ සාමාජිකයින්ගේ යහපත සඳහා  මෙවැනි සීමාවන් භාවිතා කරන ලෙස අපි ආයාචනා කරමු. දැනටමත් මෙවැනි සීමා ක්‍රියාත්මක කර හෝ වසා දමා ඇති දිවයිනේ විවිධ වෙළඳ ආයතන මෙයට හොඳ නිදසුන්ය.

එම නිසා මෙම ඉතාමත් සංවේදී  මෙන්ම සංකීර්ණ අවස්ථාවේදී අප සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කෙටි කාලීන දැඩි ක්‍රියාමාර්ගයන් තමන්ගේ ජීවනෝපාය සපයා ගැනීමේදී බාධකයක් වුවද වඩා වැදගත් වන “ජීවත් වීම”  සඳහා දැනට ඇති හොඳම විකල්පය මෙම ස්වයං ආරක්ෂණය සපයා ගැනීම පමණක් බවයි.

 – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ජීවත් වීම” උදෙසා සංචරණ සීමාවන් තීව්‍ර කරන්න - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිට ලියයි
“ජීවත් වීම” උදෙසා සංචරණ සීමාවන් තීව්‍ර කරන්න - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිට ලියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5owpKhWbyGeO1xE_uU16gGCbydwdNGoMRW5_nrXmE4TAM0cSXT0-MT-bUUi_MDUGtYerMdabyRZ8u-KbyBh-poM8TPLrYEdpPNgkwGnJCn0EW9-eRzeitZaLr2pWwIXu-rZW8bp8X3mnb/s320/45787.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5owpKhWbyGeO1xE_uU16gGCbydwdNGoMRW5_nrXmE4TAM0cSXT0-MT-bUUi_MDUGtYerMdabyRZ8u-KbyBh-poM8TPLrYEdpPNgkwGnJCn0EW9-eRzeitZaLr2pWwIXu-rZW8bp8X3mnb/s72-c/45787.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_318.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_318.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy