දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත‍්‍රස්තවාදය වැලකිමේ පනත ගැන තීරණයක් ගන්න සූදානම් - ශ‍්‍රී ලංකා රජය යුරෝපයට දන්වයි
Homeප්‍රවෘත්ති

ත‍්‍රස්තවාදය වැලකිමේ පනත ගැන තීරණයක් ගන්න සූදානම් - ශ‍්‍රී ලංකා රජය යුරෝපයට දන්වයි

PropellerAds

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයට අනුව වන්දි හිමිකම් ඇති පුද්ගල හා පවුල් 2681 ක වන්දි හිමිකම් ගෙවීම සදහා ජුනි මාසය තු...

අස්වූ ඇමතිගේ ඉඩම් කොල්ලයට වීරවංශත් හවුල්
ජාතික රූපවාහිණියේ නව ක්‍රියාකාරි අධ්‍යක්ෂක නුවන් සොමිරත්න
පොලිස් කොමිසමේ ලොකු පුටුව මනතුංගට
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයට අනුව වන්දි හිමිකම් ඇති පුද්ගල හා පවුල් 2681 ක වන්දි හිමිකම් ගෙවීම සදහා ජුනි මාසය තුලදී පමණක් රුපියල් මිලියන 159 ක්. වෙන්කර දී ඇතිබව යුරෝපා සංගමයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ශ්‍රි ලංකාවට GSP+ සහනය ලබා දීම නැවත සලකා බැලිය යුතුයැයි සදහන් කරමින් යුරෝපා පාර්ලි මේන්තුව සම්මත කරගත් කොන්දේසිවලට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීම සඳහා ජුනි 21 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය පිළිබඳවද යුරෝපා සංගමය දැනුවත් කර ඇති බවද එම නිව්දනයේ සදහන් වේ..

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව තම බලතල ක්‍රියාත්මක කරමින්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දහසය (16) දෙනෙකුට ජුනි 24 වැනි දින සමාව ලබා දීම පිළිබඳව ද යුරෝපා සංගමයේ අවධානය යොමු කර ඇති බවද එම නිවේදනයේ සදහන්ය.

යුරෝපා සංගමයේ ජීඑස්පී+ පිළිබඳ මූලික ජාත්‍යන්තර සම්මුතීන් 27 ට අනුකූල වීමත් ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමඟ ක්‍රමවත්, සුහද හා බහුවිධ සංවාදයක් පවත්වා ගෙන යාමත් සමාලෝචනය කර ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම හිමිකම ලැබී ඇති බවද එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

ශ්‍රී ලංකාවේ 2020-2021 සඳහා වන ජීඑස්පී+ අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනයේ තුන්වැනි චක්‍රය අඛණ්ඩව සිදු වෙමින් පවතී. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, වර්තමාන ජීඑස්පී+ අධීක්ෂණ චක්‍රය පිළිබඳ පසු විපරම් ප්‍රශ්න ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා රජයේ පුළුල් ප්‍රතිචාරය, එකඟ වූ කාලරාමුව පිළිපදිමින් විදේශ අමාත්‍යංශය විසින් යුරෝපා කොමිසම වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ලබා දී ඇත. විදේශ අමාත්‍යාංශය විසින් රේඛීය අමාත්‍යාංශ/ රාජ්‍ය අමාත්‍යාංශ/ ආයතන සහ කොමිෂන් සභා 26 ක් සමඟ සාකච්ඡා කොට, මෙම ප්‍රතිචාරය සම්පාදනය කරන ලදී. මෙම තුන්වැනි චක්‍රය සඳහා වන ජීඑස්පී+ අධීක්ෂණ දූත කණ්ඩායමක් 2021 සැප්තැම්බර්/ ඔක්තෝබර් මාසවල අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නිරන්තර නිරත වීම සම්බන්ධයෙන්, මෙම වසරේ සිව්වැනි කාර්තුව තුළ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනවල දී පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම කැඳවීම සඳහා සැලසුම් කොට ඇත.

යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කොට ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ සියලු අංශ සමාලෝචනය කිරීම සඳහා, යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 24 වන සැසිය 2022 පළමු කාර්තුවේ දී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශය අපේක්ෂාවෙන් පසුවේ.

රටේ ප්‍රතිසන්ධානය හා සංවර්ධනය යන අංශවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන අතරම, සිය බැඳීම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ සමීප හා සුහද සංවාදය ශ්‍රී ලංකා රජය විසින් දිගටම පවත්වාගෙන යනු ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF), ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ (SEASL) සහ වෘත්තීය සමිතිවල ජ්‍යේෂ්ඨ නියෝජිතයන් හමුවී, යුරෝපා සංගමයේ ජීඑස්පී+ සහනය තවදුරටත් රටට ප්‍රයෝජනවත් ලෙස පවතින බවට සහතික කිරීම සඳහා රජය දක්වන කැපවීම පිළිබඳව ඔවුන්ට සහතික විය. යුරෝපා සංගමය සමඟ රජය කටයුතු කිරීම පිළිබඳව යාවත්කාලීන කිරීමේ අදහසින් යුතුව, අදාළ වාණිජ මණ්ඩල සමඟ රැස්වීම් පැවැත්වීමට ද සැලසුම් කොට ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ, ශ්‍රී ලංකාව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත‍්‍රස්තවාදය වැලකිමේ පනත ගැන තීරණයක් ගන්න සූදානම් - ශ‍්‍රී ලංකා රජය යුරෝපයට දන්වයි
ත‍්‍රස්තවාදය වැලකිමේ පනත ගැන තීරණයක් ගන්න සූදානම් - ශ‍්‍රී ලංකා රජය යුරෝපයට දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5N5GJ4Ze-7PclGiARuqsppN8ulxemryvOBbvOYxfgPcb7MXKZWUhCWwGlu2guCbkZEr3pIrn9fv_EAoJofTHvtVx9Kq7oMOrELOvh2i2rVBnfad-Lvh53UhZG-n0yfFWxy9kAqXo4s0M/s320/gsp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5N5GJ4Ze-7PclGiARuqsppN8ulxemryvOBbvOYxfgPcb7MXKZWUhCWwGlu2guCbkZEr3pIrn9fv_EAoJofTHvtVx9Kq7oMOrELOvh2i2rVBnfad-Lvh53UhZG-n0yfFWxy9kAqXo4s0M/s72-c/gsp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_64.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_64.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy