දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අස්වූ ඇමතිගේ ඉඩම් කොල්ලයට වීරවංශත් හවුල්
Homeප්‍රවෘත්ති

අස්වූ ඇමතිගේ ඉඩම් කොල්ලයට වීරවංශත් හවුල්

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු වත්මන් ආණ්ඩුවට එකතු වී සිටින්නේ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ වසන් කර ගැනීමේ චේතනාවෙන් බව නිපුණතා සංවර්ධන ...

ආණ්ඩුවට එරෙහිව සත්‍යග්‍රහයක්
"වඩිවේල් සුරේෂ් ගියේ නෑ" - හරීන්
ඇමතිකම් අතහැර ගිය වසන්ත සේනානායක යළිත් කැබිනට් රැස්වීමට
අස්වූ ඇමතිගේ ඉඩම් කොල්ලයට වීරවංශත් හවුල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු වත්මන් ආණ්ඩුවට එකතු වී සිටින්නේ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ වසන් කර ගැනීමේ චේතනාවෙන් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 

ඉඩමක් නැති නිවසක් නැති මිනිසුන්ට බෙදා දීමට තිබූ ඉඩම් කට්ටි 06ක් වංචනික ලෙස ලබා ගත් පුද්ගලයෙකුද පසුගිය දා අමාත්‍ය ධූරයකින් ඉල්ලා අස්වූ බව ඔහු සඳහන් කළේය. 

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ ප්‍රියංකර ජයරත්න මහතා පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. 

ඒ ආඬිගම - කීරියන්කල්ලිය මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා පැවැති උත්සවයකදීය.

මෙම ඉඩම් වංචාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මහතා ද සෘජුවම වගකිව යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

ප්‍රියංකර ජයරත්න වෙත එම ඉඩම් කට්ටි වෙන් කර දී ඇත්තේ විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නියෝග හා උපදෙස් මත බව ද මෙම ඉඩම් වංචාවේ වගකීම නිවාස සංවර්ධන අධිකාරියට ද පැවරෙන බවද ඔහු සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දවල් මිගෙල් රෑ දැනියෙල් භූමිකාවක් නිරූපණය කරමින් ඇතැම් පුද්ගලයින් මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ද මුලාවට ලක්කළ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

පුත්තලමේ සිට මහින්ද රජපක්ෂ වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය දියත් කරද්දි මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් මුදියන්සේ නැමති නියෝජිතයෙකු යොමු කරමින් සිදුකළ දේශපාලන භූමිකාව නැවතත් මතක්කර දීමට සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අද ආණ්ඩුවෙන් ඉවත් වන පුද්ගලයින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මේ අය ඉදිරියේදී දේශපාලනය කරන්නේ කොහොමද කියලා මහත් කලබලයට පත්වෙලා ඉන්නේ. නිවාස සංවර්ධන අධිකාරියට අයත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් වෙන් කළ ඉඩම් කොටස් 06ක් පසුගිය රජය සමයේදී වංචනික ලෙස ලබා ගනිමින් මේ අය මහා මන්දිර ඉදිකළා. මේවා පිළිබඳ යහපාලන රජය විමර්ශන ආරම්භ කළා. ආණ්ඩුවට ඇවිත් උත්සහ කළෙත් මේ පරීක්ෂණ නතර කර ගන්නයි. එහෙත් ඒ විමර්ශන නතර කළේ නැහැ. වැඩේ හරියන්නේ නෑ කියල තේරුනහම ආණ්ඩුවෙන් ඉවත් වෙලා FCIDයට බැන බැන ඉන්නව. වංචා වලට දූෂණ වලට ලක්වන පුද්ගලයින් මේ ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එය යහපාලනයට යහපතක්. අපට අවශ්‍ය වන්නේ පිරිසිදු ආණ්ඩුවක්. දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් මහජන මුදල් වැය කර, ජනතාවගේ ඉඩම් වංචනික ලෙස ලබා ගනිමින් නිවාස ඉදිකර ගත් පුද්ගලයින් ආණ්ඩුවෙන් පමණක් නොව දේශපාලන වේදිකාවෙන්ද ඉවත් කළ යුතුයි.“

FCIDයට බැන වදින සියලු දෙනා පසුගිය රජය සමයේ වංචා දූෂණ සිදුකළ අයවලුන් බවත් එමෙන්ම මහජන දේපළ කොල්ලකෑමේ දේශපාලනයකට යලි ඉඩක් නොතැබිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අස්වූ ඇමතිගේ ඉඩම් කොල්ලයට වීරවංශත් හවුල්
අස්වූ ඇමතිගේ ඉඩම් කොල්ලයට වීරවංශත් හවුල්
http://ift.tt/2iTGAO4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_357.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_357.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy