දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එන්නතෙන් නොමැරී බේරෙනවා විතරයි.. අවදානම එලෙසමයි.. මුව ආවරණ ගලවන්න හිතන්නවත් එපා - සුදර්ශිනී
Homeප්‍රවෘත්ති

එන්නතෙන් නොමැරී බේරෙනවා විතරයි.. අවදානම එලෙසමයි.. මුව ආවරණ ගලවන්න හිතන්නවත් එපා - සුදර්ශිනී

PropellerAds

කොවිඩ් වසංගතය ජනජීවිතය අඩාල කිරීමට පැමිණි වෛරසයක් වන බැවින් එන්නත් කිරීම සිදුකළද මුව ආවරණය ගැලවීමට අවස්ථාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේ...

ඖෂධ වර්ග 30ක මිල අඩු කිරීම අද
'වවුචර් ලබාදුන්නේ ගසාකෑම් වළක්වන්නයි' - අකිල
කලමැටිය කුරුළු අභය භූමිය ආසන්නයේ ගින්නක් (PHOTOS)
කොවිඩ් වසංගතය ජනජීවිතය අඩාල කිරීමට පැමිණි වෛරසයක් වන බැවින් එන්නත් කිරීම සිදුකළද මුව ආවරණය ගැලවීමට අවස්ථාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ වෙන්නප්පුව ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් කාන්තා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වෛරසය වෙනස් වෙලා දරුණු වෛරස් ප්‍රභේද බිහිවෙමින් තිබෙන බැවින් එන්නත් කරගත්තද සෙසු සෞඛ්‍ය හුරු පුරුදු පිළිපදිමින් මුව ආවරණය පැළැදීම වැදගත් වන බවත් එසේ කළ විට තමාට හෝ තමාගේ පවුලේ අයවලුන්ට එම විෂබීජය ඇතුලු නොවන බවත් අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය. එන්නත තුළින් සිදුකරන්නේ මරණය වැළැක්වීම වන බැවින් රෝගය බෝවීමේ අවදානම එලෙසම පවතින බැවින් මුව ආවරණය පැළැදගැනීමේ වගකීම ඇත්තේ තමන් සතුව බවත් සදහන් කළ අමාත්‍යවරිය මුව ආවරණය පැළැදවීමට ආණ්ඩුවකට කල නොහැකි බවත් ආණ්ඩුවකට කළ හැක්කේ එන්නත් ලබාදීම, රෝහල් පද්ධතිය සූදානම් කිරීම ඇතුලු යටිතල පහසුකම් ලබාදීම වැනි අත්‍යවශ්‍ය කාරණා සිදුකිරීමට බැවින් ජනතාවට මුව ආවරණ පැළදගැනීම ඇතුළු සෙසු සෞඛ්‍ය පුරුදු පිළිපැදීමේ වගකීම පවතින බව මෙහිදී සදහන් කළාය.

වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාව කොවිඩ් ආසාදිත වූ පසු දුරබැහැර ප්‍රදේශවලට ප්‍රතිකාර සදහා රැගෙන යාම පිළිබදව අවධානය යොමු කළ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ඒ පිළිබදව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සදහා අවශ්‍ය පසුබිම සොයා බැලීම සදහා ලුණුවිල ප්‍රාදේශීය රෝහල මැයි මස 09 දින නිරීක්ෂණයට ලක්කළ අතර මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කළ කටයුත්ත සාර්ථක කරගැනීමට හැකිවීම පිළිබදව සිය සතුට පළකරන බව අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය. මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සදහා අරුන්දික ප්‍රනාන්දු මහතා, වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව දැක්වූ දායකත්වයත් වෛද්‍ය අධිකාරිතුමා ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැක්වූ උනන්දුවත් පිළිබදව සිය කෘතවේදීත්වය පලකරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත කළ කොවිඩ් කාන්තා ප්‍රතිකාර ඒකකයේ ඇදන් ධාරිතාව 25ක් වන අතර එහි වෝල් ඔක්සිජන් ඩිපෙන්ඩන් ඇදන් 05කින්ද සමන්විත වේ. ප්‍රතිකාර ලබන අයගේ ප්‍රයෝජනය සදහා ස්ථාපිත කිරීමට රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා විසින් මෙහිදී කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවට ආගමික පූජකවරු සමග වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ, වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ, ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී රුවන් පෙරමුණ යන මහත්වරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්විය.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එන්නතෙන් නොමැරී බේරෙනවා විතරයි.. අවදානම එලෙසමයි.. මුව ආවරණ ගලවන්න හිතන්නවත් එපා - සුදර්ශිනී
එන්නතෙන් නොමැරී බේරෙනවා විතරයි.. අවදානම එලෙසමයි.. මුව ආවරණ ගලවන්න හිතන්නවත් එපා - සුදර්ශිනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0Pq8E2QE8sXrNSHS2ybT0VG-Iuy2552tPyoNMQnKCS06Xxf_JnqEPdPU-M2KqfBe67GVySPhuZftCunqJKbdDdNkwyH7bzcWpTny1Qjgk-fjTDz9l9eS5BcnlNZ30Kl3hABYe1l2F2Eg/s320/sudarshani.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0Pq8E2QE8sXrNSHS2ybT0VG-Iuy2552tPyoNMQnKCS06Xxf_JnqEPdPU-M2KqfBe67GVySPhuZftCunqJKbdDdNkwyH7bzcWpTny1Qjgk-fjTDz9l9eS5BcnlNZ30Kl3hABYe1l2F2Eg/s72-c/sudarshani.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_269.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_269.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy