මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය අනුව යමින් ඖෂධ වර්ග 30 කට වැඩි සංඛ්‍යාවක මිළ අඩු කිරීමේ ක්‍රමවේදය අද (23) ප්‍රකාශයට පත්කරන බව...
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය අනුව යමින් ඖෂධ වර්ග 30 කට වැඩි සංඛ්‍යාවක මිළ අඩු කිරීමේ ක්‍රමවේදය අද (23) ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව උසස් ගුණයෙන් යුත් ඖෂධ අඩු මිළට ලබාගැනීමේ හැකියාව අද දිනයේ සිට ජනතාවට හිමිවන බව අමාත්‍යවරයා කියාසිටී.
ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග 3000 ක් පමණ වාර්ෂිකව ආනයනය කෙරෙන අතර එම සියලූම ඖෂධ විශ්ලේෂණය කිරීම අසීරු කරුණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සේනක බිබිලේ ප්‍රතිපත්තියේ සඳහන් වන ආකාරයට අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කළ යුතු බවත් ඒ අනුව යමින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඖෂධ මිල අඩු කිරීමේ ක්‍රමවේදය අද දිනයේදී ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය අනුව යමින් ඔහුගේ ගුණ සැමරුම යෙදී ඇති අද දිනයේ ඖෂධ මිල අඩු කිරීම ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ විශ්ව ළමා දිනය කේන්ද්‍ර කර ගනමින් රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන ලද 'ස්ව ශක්ති මාතා' වැඩසටහනට සහභාගී වෙමිනි.
COMMENTS