කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන ප්‍රදේශවලට හෙට (ජූලි 11) දින 1.30 තෙක් බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ...
කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන ප්‍රදේශවලට හෙට (ජූලි 11) දින 1.30 තෙක් බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මී. 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යාමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත් වන ලෙස එම සංවිධානය ජනතාවට දැනුම් දෙයි.
මේ අතර කළු, කැල ණි සහ ගිං යන ගංගාවන් අවට ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති අතර අදාළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පෙ.ව.4.00 තෙක් බල පැවැත්වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු පළාත, උතුරු මැද පළාත්වල පැයට කි.මී. 60 -70 දක්වා සුළඟේ වර්ධනය විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඇතැම්විට පැයට කි.මී. 80 දක්වා ගොඩබිම තද සුළං වැඩිවිය හැකි බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශවල තද සුළං ඇති වූ බව වාර්තා වුවත් මේ වන විට විශාල හානි ඇති වී නොමැති බව ද ඔහු පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (ජූලි 10) උදෑසන 6.30 නිකුත් කළ රතු නිවේදනයේ දැක්වෙන්නේ, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළ විය හැකි බවත්ය.
ඒ අනුව මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදේ සුළඟේ වේගය පැ.කි.මී 60 - 70 ත් අතර විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන් ම, අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන බැවින් නාවිකයින්ට ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
තව ද බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණ යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

COMMENTS