දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා…රු 50000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා !
Homeප්‍රවෘත්ති

මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා…රු 50000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා !

PropellerAds

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මිය ගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල...

ප්‍රවේසම්වන්න: විදුලිය නිපදවන සෙල්ලම් භාණ්ඩ වෙළඳපොලේ
බක් පුන් පොහොය අදයි
ජාත්‍යන්තර බෝනොවන රෝග සමුලුවක් අද
හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මිය ගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල්ල කළ බව කියන පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම උසස් නිලධාරියා දැරියගේ පවුලේ ඥාතීන් හමුවී පවසා ඇත්තේ ‘‘ඇමැතිතුමයි එයාගෙ පවුලෙ අයයි බොහොම වැදගත් උදවිය. එයාල මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය දිගට ඇදගෙන යන්න ඕනෙ නැහැ. මේක පොලිසියට ගෙනියන්න අවශ්‍ය නැහැ. රුපියල් පනස්දාහක් අරන් දෙන්නම් මේක මෙතනින් ඉවර කරලා දාමු.’’ යනුවෙන් කියමින් ඔවුන්ට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

දැරියගේ අභිරහස් මරණය පිළිබඳව පොලිසියට කට උත්තර ලබානොදී මෙය සාමාන්‍ය සිය දිවි හා’නිකර ගැනීමක් ලෙස සලකා එය දිගින් දිගට ඇදගෙන යෑමට කටයුතු නොකරන ලෙස මෙම නිලධාරියා ඇගේ සොහොයුරන්ට සහ සමීප ඥාතීන්ට බලපෑම් එල්ල කර ඇත.

මෙම නිලධාරියා විසින් සිදුකරන ලද බලපෑම් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ දැරියගේ අභිරහස් මරණයෙන් පසු ඇගේ සොහොයුරන් ඇතුළු පවුලේ සමීප ඥාතීන් පොලිසිය වෙත ලබාදුන් කටඋත්තර වලදී ය.

පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම නිලධාරියා සොයා විමර්ශන ආරම්භ කර තිබිණි. එහිදී හෙළිවූයේ මෙම නිලධාරියා පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නවාස් නමැති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු බවය.

මේ වන විට මෙම නිලධාරියාගේ දුරකථන වාර්තා විශ්ලේෂණයක් සිදුකරගෙන යන අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට ද නියමිත බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම නිලධාරියා කලක් රිෂාඞ් බදියුදීන්ගේ පෞද්ගලික ආරක්‍ෂක පොලිස් නිලධාරියා ලෙස රාජකාරි කළ අයෙකි. මොහු බදියුදීන් පවුලේ සමීප හිතවතෙකි.

මෙම දැරිය පිළිස්සී බ රපතළ තුවාල ලැබීමෙන් පසු බදියුදීන්ගේ බිරිඳගේ පියා, නවාස් නමැති පොලිස් නිලධාරියාට දුරකථනයෙන් කතාකර මේ බව දැනුම් දී ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

පසුව නවාස් නමැති පොලිස් නිලධාරියා බදියුදීන්ගේ නිවස වෙත ගොස් ඒ වන විට එහි පැමිණ සිටි දැරියගේ ඥාතීන් මුණගැසී එම සිදුවීම යට ගැසීමට ඔවුන්ට බ ලපෑම් එල්ල කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම, අල්ලස් ලබාදීමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා…රු 50000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා !
මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා…රු 50000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6OM6211MhK3Nd0cL0wUkGuorbaOV1o8pQ0TH6izYFl86NY0NQHuZWV4e0RMDZCQqiTwQb0URfhMXfDamXB3Gm8PSp2UmrE6EV7f1B1BLGVNQNuiTROZP1AuvnTSVg3K553EcZBfALtGQ/s320/rishard.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6OM6211MhK3Nd0cL0wUkGuorbaOV1o8pQ0TH6izYFl86NY0NQHuZWV4e0RMDZCQqiTwQb0URfhMXfDamXB3Gm8PSp2UmrE6EV7f1B1BLGVNQNuiTROZP1AuvnTSVg3K553EcZBfALtGQ/s72-c/rishard.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/50000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/50000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy