පාසල් ළමුන්ගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යට පීඩා එල්ල විය හැකි ආකාරයේ සෙල්ලම් භාණ්ඩ වෙලඳපලේ අලෙවිය සඳහා පවතින බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අ...
පාසල් ළමුන්ගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යට පීඩා එල්ල විය හැකි ආකාරයේ සෙල්ලම් භාණ්ඩ වෙලඳපලේ අලෙවිය සඳහා පවතින බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
ආකර්ශණීය ලෙස නිමවූ එවැනි සෙල්ලම් භාණ්ඩ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් අළෙවි කරමින් සිටි වෙලෙන්දෙකු කොළඹ ප්‍රදේශයේ පාසලක් අසළදී පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිළධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එම පුද්ගලයා විසින් අළෙවි කළ ඇතැම් සෙල්ලම් භාණ්ඩ වලින් වොට් 12ක පමණ විදුලියක් ජනනය වන බව ද පාරිභෝගික අධිකාරිය සදහන් කළේය.
එම සෙල්ලම් භාණ්ඩ චීනයේ නිෂ්පාදනය කරන ලද ඒවා බවට සහ පිටකොටුව ප්‍රදේශයේ එම සෙල්ලම් භාණ්ඩ තොග වශයෙන් අළෙවි කරන බවට පාරිභෝගික අධිකාරිය සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව එම සෙල්ලම් භාණ්ඩ අළෙවි කළ වෙලෙන්දාට සහ තොග අළෙවිකරුට අධිකරණය විසින් දඩ නියම කර ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.
COMMENTS