දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
15 දැරිය අලෙවි කලේ ebay ලෙසටමයි.. එය වරදක්ද..- දරිය විකිණු වෙබ් අඩවි හිමිකරු අධිකරණයේදී අසයි
Homeප්‍රවෘත්ති

15 දැරිය අලෙවි කලේ ebay ලෙසටමයි.. එය වරදක්ද..- දරිය විකිණු වෙබ් අඩවි හිමිකරු අධිකරණයේදී අසයි

PropellerAds

අන්තර්ජාලය ඔස්සේ පහළොස් හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමේදී ඇතිවූ විශේෂ දුරකථන සංවාද පිළිබඳ විශ්ලේෂණ වාර්ත...

ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අතර වැදගත් ආරක්ෂක කරුණු ගැන සාකච්ඡාවක්
යුද්ධයෙන් වසර 8 කට පසු ආබාධිත රණවිරුවන්ට ජනපති නියමයෙන් සහන
'ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යට' - අගමැතිගෙන් මාධ්‍යට දොස්මුරයක්
අන්තර්ජාලය ඔස්සේ පහළොස් හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමේදී ඇතිවූ විශේෂ දුරකථන සංවාද පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ (12 වැනිදා) නියෝග කළාය.

අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඇතුළු අංශ කිහිපයක් මේ වන විට විශේෂ විමර්ශනයක් පවත්වනු ලබයි.

එම විමර්ශනයේ ඉදිරි කටයුතු සඳහා මෙන්ම දැරිය ලිංගික කටයුතු සඳහා මිලදී ගත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති, විවිධ තරාතිරම්වල පුද්ගලයන් නිශ්චිතව හඳුනා ගැනීමට අදාළ දුරකථන සංවාද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කරන ලද එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, දුරකථන සංවාද පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළාය.

‘‘මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රියංක නලීන් කුලරත්න නමැති ත්‍රිරෝද රථ රියැදුරු, දැරිය ත්‍රිරෝද රථයේ නංවාගෙන විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමට රැගෙන ගොස් තිබෙනවා. එලෙස දැරිය ගල්කිස්සේ මවුන්ට් එයා හෝටලය වෙත අවස්ථා කිහිපයකදී රැගෙන ගොස් තිබෙනවා. සැකකරු සහ එම හෝටලයේ කළමනාකරු චන්දන බණ්ඩාර අතර දුරකථන සංවාද ඇතිවී තිබෙනවා. දැරිය විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමට යෑමේදී එම දුරකථන සංවාද ඇතිවී තිබෙනවා,’’ යැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියෙක් අධිකරණය වෙත දන්වා සිටියේය. දැරිය අලෙවි කිරීමට ගත් ඔක්කොම ඇමතුම් අවසන් වී ඇත්තේ ‘‘බුදු සරණයි’’ කියලායි. යනුවෙන් ද අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මහෙස්ත්‍රාත්වරිය – විත්තිකරුවන්ට ඇප දීමට හැකියාව තිබුණත් විමර්ශන අවසන් නැහැ. ඇප දෙන්න එපා කියලා පොලිසිය බොහෝ විට කියනවා. මෙම සිද්ධියේ අවසන් ලැයිස්තුව දක්වා විමර්ශනය කරනවාද? දැරියගේ ප්‍රකාශයට පමණක් විමර්ශනය සීමා කරනවාද? කියන එක තීරණය කරන්නේ පොලිසියයි. මෙහි සැකකරුවන්ට ඇප ලබාදීමට කරන ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම්දීමට නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස පොලිසියට නියම කරනවා.

අන්තර්ජාලය ඔස්සේ දැරිය අලෙවි කිරීමට දැන්වීම් පළකර තිබූ බව කියන ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරු වන දැනට රිමාන්ඩ් භාරයේ සිටින මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍ය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙහිදී මෙසේ පැවැසීය.

මාගේ සේවාදායකයා පළකර තිබූ බව කියන දැන්වීම්වල සදාචාර භාවයක් නොතිබෙන්න පුළුවන්. නමුත් එහි අනීතියක භාවයක් නැහැ. ඊ. බේ. මගින් ලෝකය පුරාම බඩු විකුණන්න දැන්වීම් දාලා තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරිය – මෙතැන බඩු නෙමෙයිනේ විකුණලා තිබෙන්නේ. විකුණලා ඇත්තේ කාන්තාවක්.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – මේ වෙබ් අඩවියේ ෆුල් සර්විස් කියලා තිබෙනවා. මේ තැනැත්තියගේ වයස අවුරුදු 19යි. කියා සඳහන් කරමින් ෆුල් සර්විස් කියා දැන්වීම් පළ කර තිබෙනවා. මේ තැනැත්තියගේ වයස සත්‍ය වශයෙන්ම අවුරුදු 19ක් වුවානම් ගැටලුවක් ඇතිවන්නේ නෑ. මෙහි ඇත්තටම වී ඇත්තේ වෙබ් අඩවියට වැරදි තොරතුරක් දීමයි. ශ්‍රී ලංකාවේ කාන්තාවක් ගණිකාවක් බවට පත් කිරීමට යම් දෙයක් කළහොත් එහිදී කුට්ටනය නමැති වරද සිදුවෙනවා.

ගණිකාවක් බවට පත්වූ කාන්තාවක් නැවත ගණිකාවක් බවට පත් කරන්න බැහැ. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරන තීන්දු පවා තිබෙනවා. එම නිසා මාගේ සේවාදායකයා මෙම දැන්වීම භාරගෙන ඇය ගණිකාවක් බවට පත්කළේ නැහැ. මාගේ සේවාදායකයා ඇයගෙන් සේවයක් ලබාගත්තේ නැහැ. ඇය තමයි මාගේ සේවාදායකයාගෙන් සේවයක් ලබාගෙන තිබෙන්නේ. එම නිසා ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.

මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනකුට ඇප ඉල්ලා සිටි අතර, එම ඇප ඉල්ලීම් ලබන 19 වැනිදා සලකා බැලීමට මහෙස්ත්‍රාත්වරිය තීරණය කළාය.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 15 දැරිය අලෙවි කලේ ebay ලෙසටමයි.. එය වරදක්ද..- දරිය විකිණු වෙබ් අඩවි හිමිකරු අධිකරණයේදී අසයි
15 දැරිය අලෙවි කලේ ebay ලෙසටමයි.. එය වරදක්ද..- දරිය විකිණු වෙබ් අඩවි හිමිකරු අධිකරණයේදී අසයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSPj-0lTF_V95e33oZTEr-w_VlvLsMXnGxTp1XASHSkYq5QVc-CSyoh2LjhC1Av4wCz3CA-Ti3-FqTFMrNRSe4uNV1YfS7NebRPjsICih7emmo0q-7i2Dh92py2WbKJ_hXSPWNzTgcGag/s320/1145-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSPj-0lTF_V95e33oZTEr-w_VlvLsMXnGxTp1XASHSkYq5QVc-CSyoh2LjhC1Av4wCz3CA-Ti3-FqTFMrNRSe4uNV1YfS7NebRPjsICih7emmo0q-7i2Dh92py2WbKJ_hXSPWNzTgcGag/s72-c/1145-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/15-ebay.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/15-ebay.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy