දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යට' - අගමැතිගෙන් මාධ්‍යට දොස්මුරයක්
Homeප්‍රවෘත්ති

'ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යට' - අගමැතිගෙන් මාධ්‍යට දොස්මුරයක්

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතුවීම පිළිබඳ ලොකුම ගැටළුව ඇත්තේ මාධ්‍යයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග...

ටිකට් නොදෙන බස්වලට වැඩ වරදී
ජනපති සිරිසේන: මෙතැනින් කොතැනටද? සුනන්ද දේශප්‍රිය
ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද යන්න සොයා බැලීමට ව්ද්‍යාත්මකව පර්යේෂණ සිදු කළ යුතු යැයි සුව ඇමැති පවසයි.
'ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යට' - අගමැතිගෙන් මාධ්‍යට දොස්මුරයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතුවීම පිළිබඳ ලොකුම ගැටළුව ඇත්තේ මාධ්‍යයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) ගාල්ල, අහංගම ඉදුරන්නාවිල සිරි සුදර්ශි විහාරස්ථානයේ ඉදිකරන ලද බුද්ධ මන්දිරය හා චෛත්‍යයේ කොත ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමෙන් පසු පැවති දහම් හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියාසිටියේය.

" ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එජාපය එකතු වු විට ලොකුම ප්‍රශ්නය තියෙන්නේ මාධ්‍යයට. අපි එකතුවුනොත් මාධ්‍ය වැටෙයි කියලා හිතනවා. මාධ්‍යයත් දැන ගන්න ඕන ඔයගොල්ලන්ට මොකක්ද වෙන්නේ කියලා. ජනතාවට සෙතක් වෙනවානම් ඇයි විරුද්ධ වෙන්නේ. එකට විරුද්ධ අය ඉන්නවා. මාධ්‍යයට තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. එන අවුරුද්දේ ඉදන් එක එක ප්‍රථිපල එනවිට ඔය පදය වෙනස්කරන්න වේවි. කොච්චර උත්සාහ කළත් අපේ ජාතික ආණ්ඩුව වසර පහ ඉදිරියට යනවා. රට දියුණු කරලා ජනතාවට භාර දෙනවා. මොකක්ද කරන්න ඕන කියලා එවිට ජනතාව තින්දු කරයි. කරන්න ඕන දේ මාධ්‍ය කෑ ගසුවා කියලා වෙනස් වෙන්නේ නැහැ. මාධ්‍යයත් මේ පැත්තට ගේනවා. කෑගහන එකෙත් සීමාවක් තියෙනවා. මම ඒ අයත් ජනවාරි මාසයේ ඉදලා කැඳවන්න යනවා. වැඩ කටයුතු පටන්ගත්විට. දැන්ම හදිස්සියක් නැහැ. 77දී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවෙන් හයෙන් පහක බලයක් තිබුනා.

මේ ආණ්ඩුව ආවට පාර්ලිමේන්තුවේ බලය තිබුණේ නැහැ. ඒ නිසයි මමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් එකතු වුනේ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ බලය ලබා ගන්න, මේ රට දියුණු කරන්න. නැතිනම් මේවා දකුණට කරන්න බැහැ. දකුණේ ඉපදිලා කරන්න බැරිනම් කොහොමද ඉතින් වෙන තැනකින් කරන්නේ බලය නැතිව. ඔය බලය තිබිලා දකුණ දියුණු කරන්න ඕනනම් යාපනයේ යන මිනිහාට පුළුවන් දකුණ දියුණු කරන්න. එදා ජේ.ආර් ජයවර්ධන හයෙන් පහක් දිනුවිට අනික් පක්ෂ නැතිවුනා. එජාපයට තනි ශක්තියක් තිබුනා. කෝලහාල යුද්ධ තිබුනා කියලා කැඩුණේ නැහැ. අන්තිමට වැටුණේ ඇතුලේ කැඩුණු නිසා. අද තියෙන්නේ වෙන ශක්තියක්. ප්‍රධාන පක්ෂ දෙකක ශක්තිය අපට තියෙනවා. අපට අවශ්‍ය නැහැ ශ්‍රි.ල.නි.පක්ෂය නැති කරන්න.

ශ්‍රි.ල.නි.පක්ෂයේ අයට අවශ්‍ය නැහැ අපි නැති කරන්න. අපට අවශ්‍ය මේ පක්ෂ දෙක එකතුවෙලා රට දියුණු කරන්න. සමහර අවස්ථාවල අපට බලය ලැබේවි. සමහර අවස්ථාවල ශ්‍රි.ල.නි.පක්ෂයට බලය ලැබේවී. ඇතැම් අවස්ථාවලදි ජර්මනිය වගේ එකතුවෙලා වැඩ කරන්න වේවි. එක අතකින් වැස්ස එක හොදයි. මාගෙයි ජනාධිපතිතුමාගෙයි සැකයක් ඇතිවෙලා තිබුනා වැස්ස මදි වුනොත් පෙබරවාරි මාසයේ නියඟයක් ඇති වේවිද කියලා. දැන් අපට ඒ ගැන සැකයක් නැතිව ක්‍රියාකරන්න පුළුවන්. අපේ කුලපති ස්වාමින් වහන්සේ කීවා ත්‍රිපිටක අධ්‍යාපනය ගැන අවධානය යොමුකරන්න කියලා. එක ඉතා වැදගත්. අද අපේ රටේ බුද්ධාගම කියලා එක එක කාරණා සදහන් කරනවා. මේ නිසා ගතයුතු පියවර කුමක්ද කියලා අපට සාකච්ඡා කරන්න පුළුවන්. පිරිවෙන්වලත් දහම්පාසල්වලත් මේ කටයුත්ත සිදුවන්නේ නැහැ. ඒ නිසා අපේ කුලපති නාහිමියන් මහනායකහිමිවරුන් සහ පිරිවෙන් මණ්ඩල සමග මේ පිළිබද සාකච්ඡා කරලා ඒ පිළිබද අදහස් ලබාදෙවී කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අපේ ආර්ථිකය වෙනස්වෙලා. කොළඹ වගේ වෙනස්වීම පිළිබද තවම දකුණට දැනිලා නැහැ. තේ මිල අඩුවෙලා ලෝක තේ මිල අඩුවිම නිසා අදායම එදාට වඩා අඩුයි. සමහර ප්‍රදේශවල ආදායම ජාතික ආදයමටත් වඩා අඩුයි. එ්කයි දකුණේ ප්‍රශ්න විසදනවා කියලා 2015 ජනාධිපතිවරණයේ දි අපි ප්‍රකාශ කළා. මෛත්‍රිපාල සිරිසේන මහතාට රට භාරදෙන්න ඉන් පසු මේ කටයුත්ත කරලා දෙන්නම් කියලා. පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු අපි මේ කටයුත්ත ආරම්භ කළා. දකුණට හොද ආණ්ඩුකාරවරයෙක් දැම්මා. අපි ජාතික ආණ්ඩුවක් හැදුවයින් පස්සේ දකුණ සංවර්ධනය කරන්න වෙනම අමාත්‍යංශයක් දැම්මා. එතනින් තමයි සැලසුම් කළේ. ඒ සැලසුම් අවසානයි. දැන් අපි ඉන්නේ දකුණේ විශාල විප්ලවයක් කරන්න. එ්ක කරන්න ආර්ථිකය කණ පිට හරවලා විශාල දියුණුවක් මේ ප්‍රදේශයට ගෙනවිත්. දකුණට අපි ඇතුල් කරලා තියෙනවා මොණරාගල, ඇඹිලිපිටිය හා රත්නපුර. මේ තුලින් අලුත් ආර්ථික කලාපයක් ඇති කරනවා. එතනින් තමයි ජිවත් වෙන්න පුළුවන් අලුත් ආර්ථිකයක් හදන්නේ. කොළඹින් පස්සේ විශාලතම කර්මාන්ත ඇති කරන්න යන්නේ දකුණේ. කාර්මාන්ත ශාලා හම්බන්තොට ආරම්භ කරනවා. 2002දී මම අගමැති වු පසු යෝජනා කළා හම්බන්තොට තෙල් පිරිපහදුව දමන්න විදුලි බලාගාර දමන්න. තෙල් පිරිපහදුව තිබෙන නිසා එතන වරායක් හදන්න. වරායක් ඉදි කළා. විශාල ණයක් අරගෙන තෙල් පිරිපහදු නැහැ. විදුලිබලාගාර නැහැ. අන්තිමට වරාය ඇතුලට නැව් නැහැ. ගුවන් තොටුපෙළාක් ආරම්භ කළා. ගුවන් යානා නැහැ.

2017 ඉදන් ණය ආපසු ගෙවන්න සිදුවෙනවා. ණය ගෙවන්න ගියා නම් සියයට හතරකින්වත් වැට් එක වැඩිකරන්න වෙනවා. සියයට 20කට වැට් එක ගෙනගියා නම්, නැතිනම් අලුත් ණයගත්විට පොලිය වැඩිවෙනවා. එතකොට අවුරුදු දෙකකින් වැට් එක සියයට 25 වෙනවා. අගය වැඩි කිරිමේ බද්ධ තවත් වැඩි කරන්න බැහැ ජනතාවට. එහෙනම් සිදුවුනේ වරයාටයි ගුවන් තොටුපොළටයි ගෙවන එක ඔබ සියලු දේනාට භාරදෙන්න. වරාය දියුනු කරන්න ලෝකයේ ප්‍රධාන නැව් සමාගමක් එක්ක එකතුවෙලා කටයුතු කරනවා.

මම චීනයට ගිය වේලාවේ චීන ජනාධිපතිතුමා කීවා, ඔය අය අපේ සමාගමක් නැතිනම් වෙනත් සමාගම් සමග එකතුවෙලා මේ කටයුතු කරන්න කියලා. කොටස් ප්‍රමාණය චීන සමාගමකට විකුණන්න ඒ මුදල් වලින් අපේ ණය ගෙවන්න කියලා. ගුවන් තොටුපොළත් මේ විදියට කරන්න කීවා. චීන සමාගමකට රජයෙන් සියයට 80ක කොටස් දෙන්න තිරණය කළා. රජයේ හා චීනයේ කොටස් තියෙන සමාගමට බදු දෙනවා. ඩොලර් බිලියන 1.3ක් එම වරායට ගෙවලා තිබුණා. අපට ඩොලර් බිලියන 1.1ක් ලැබෙනවා. ඒ සමාගම මේ අවට කර්මාන්ත ආරම්භ කරන්න පොරොන්දු වෙලා තියෙනවා. මම හෝංකොං වලට ගියවිට ජර්මන් ආයෝජකයින් හමුවෙන්න, ඒ අයත් පොරොන්දු වුනා කර්මාන්ත ගේන්න. ගුවත්තොටුපොළ ගැනත් සාකච්ඡා කරනවා. වසර පහකින් සංචාරකයින් ලක්ෂ 10ක් ගෙන්න. මත්තල දියුණු කරන්න සාකච්ඡා කරගෙන යනවා. චින ආණ්ඩුව හා ඒ රජය සමග වැඩ කරණ සමාගම් දකුණෙන් අක්කර 12000ක් අපෙන් ඉල්ලා තියෙනවා කර්මාන්ත කලාප ආරම්භ කරන්න. ලංකාවේ තියෙන ඔක්කොම වෙළද කලාප එකතු කළත් අක්කර 12000ක් නැහැ. සිමෙන්ති කර්මාන්ත ශාලාවකට, තෙල් පිරිපහදුවකට. එල්.එන් ජි ගෑස් විදුලි බලාගාරයකට ඉල්ලා තියෙනවා. විශාල දියුණුවක් හම්බන්තොට වටේ ගෙනියන්න. මේක මොණරාගලට යනවා. වැල්ලවායට හා මාතරට යනවා. චීන අයට අමතරව වෙනත් අයත් ඉන්නවා. මෙහි කර්මාන්ත ආරම්භ කරන්න. ගාල්ල මාතරටත් විශාල කර්මාන්ත කලාපයක් දමනවා. ජනවාරි මාසයේ මේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ගාල්ල - මාතර සංචාරක කලාපයක් වශයෙන් දියුණු කරනවා. ඒ සදහා සුදුසු පරිසර පද්ධතියක් මේ දිස්ත්‍රික්ක වල තියෙනවා. සංචාරක යාත්‍රා සදහා ගාලු වරාය දියුණු කරනවා. මිරිස්ස දියුණු කරන්න ඕන. තොරතුරු තාක්ෂණය සදහා වෙනම කලාපයක් ඇති කරනවා. දකුණේ පාසල්වල ඉංග්‍රිසි උගන්වන්න ඕන. දකුණේ විශාල සංවර්ධනයක් ආරම්භ කරනවා".

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඇතුලු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියේය.

ගාල්ල - ලලිත් චාමින්ද

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යට' - අගමැතිගෙන් මාධ්‍යට දොස්මුරයක්
'ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යට' - අගමැතිගෙන් මාධ්‍යට දොස්මුරයක්
http://ift.tt/2eeMmck
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_596.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_596.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy