අද වන විට ජනතාවට අතිශය පීඩාවට පත්ව සිටින බව පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සඳහන් කර සිටිනවා. ”කොරෝනා නිසා මේ ස...
අද වන විට ජනතාවට අතිශය පීඩාවට පත්ව සිටින බව පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සඳහන් කර සිටිනවා.
”කොරෝනා නිසා මේ සංචරණ සීමා වලින් ගහෙන් වැටිලා හිටපු මිනිස්සුන්ට ගොන්නු රාශියක් ඇණ ඇති බවත් මේ ලඟදිම ඇන්න ගොනා තමයි ඉන්ධන ගොනා…” යනුවෙන් උන්වහන්සේ සඳහන් කර සිටිනවා.
උන්වහන්සේ වැඩිදුරටත් දැක්වූ අදහස්,
”අපිට තේරෙන්නෙ නෑ ශවේන්ද්‍ර සිල්වා මහත්මයා මෙතරම් හෑල්ලු කරන්නේ ඇයි කියලා. ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ප්‍රෙඩී සිල්වා මහත්මයා ගානට වට්ටන එකක් තියෙනවා හිතාමතාම. මට පේන හැටියට ඔහු කියපු එක පැය 24ක් ආරක්ෂා කරගන්න බැරි වුණා. ආයිත් වහාම 21 වෙනිදා වනකන් සංචරණ සීමා පැනෙව්වා. එතකොට ජනතාව හිතුවා මේ ජනතාවට තියෙන අතිශය ආදරේ නිසා තමයි, රෝගී තත්ත්වය පාලනය කරගන්න තව ටිකක් තියෙනවා ඒ ඉතිරි ටිකත් මේ ඉතුරු දවස් කිහිපය තුළ මේ විදියට සංචරණ සීමා පැන වුවාට පස්සේ හරි යයි කියලා .ඇත්තටම ඒක නෙමෙයි රෑ වෙන කොට තමයි මිනිස්සු දැනගත්තේ මේ ඔක්කොගෙම මේ සීමා කිරීම ඇත්ත තත්ත්වෙ මොකක්ද කියලා. ඒ තමයි මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අතිශය වැඩි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. මේ වෙනකොට octane 92 petrol ලීටරයක් රුපියල් විස්සක්, ඒ වගේම octane 95 විසිතුනක්, ඒ වගේම ඩීසල් ලීටරයක් රුපියල් 7කින්, ඒ වගේම super ඩීසල් ලීටරයක් රුපියල් 12 කින්, භූමිතෙල් ලීටරයක් රුපියල් 7කින්.
තෙල් මිල මේ කොරෝනා නිසා මේ සංචරණ සීමා වලින් ගහෙන් වැටිලා හිටපු මිනිහට මෙතන මිනිස්සුන්ට ගොන්නු රාශියක් ඇනලා තියෙනවා. මේ ලඟදිම ඇන්න ගොනා තමයි ඉන්ධන ගොනා. ඒ වගේම පොහොර ගොනා අනිනවා මේ මිනිසුන්ට, සංචරණ ගොනා අනිනවා මේ මිනිසුන්ට ,ධීවර ගොනා අනිනවා මේ මිනිස්සුන්ට, සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම ගොනා අනිනවා මිනිසුන්ට, ගොන්නු ගොඩක් අනිනවා මිනිසුන්ට මේ අහිංසක මිනිසුන්ට. ඒ නිසා ගහෙන් වැටුන මිනිහට එක ගොනෙක් නෙමෙයි ආණ්ඩුව මේ ඉන්න ගොන්නු ඔක්කොම ටික දැන් අනින්න පටන් අරන් තියෙනවා.
අපි මේ රටේ මහා සංඝරත්නය අපිට බෑ අපේ සමස්ත මහ විශාල ගමකට ,ගමක් පෝෂණය කරන්න තනියම බැහැ. හැබැයි අපිට පුලුවන් අපි කතා කළා ,අපි කල්පනා කළා අද රටේ මා ඇතුළු මහා සංඝරත්නය පන්සල් රාශියක් අපි අපේ දාන වේල ගෙනත් දෙන එක නතර කළ තියනවා. අපි මිනිස්සුන්ට කියලා තියෙනවා ඔබට අමාරු කාලයක් මේක ඔබත් මාත් ඉන්න එකම අමාරු පීඩාකාරී කාලෙක .ඒ නිසා මට අයිතියක් නෑ ඔබට ඔබේ රුපියල් දෙතුන් දාහක් වියදම් කරවලා දාන වේලක් භුක්ති විදින්න. ඒ නිසා ඔබ මේ වෙලාවේ අමාරුවෙන් ඉන්න වෙලාවේ දරුවන් එක්ක කොහොම හරි මේ ලෙඩේන් බේරිලා සංචරණ සීමා ඇතිකරගෙන ඔබ ගෙදරට වෙලා ඉන්න. ඔබ වගේම අපිත් කෙසේ හෝ දාන වේල සකස් කරගෙන මේ දුෂ්කර සමය ගත වෙනකන් අපි ජීවත් වෙන්නම් කියලා අපි දැන්වීම් ගහලා ,ඒ වගේම ප්‍රචාරය කරලා සමාජයට කියලා ජනතාවයි අපි එකම දුක් විඳිනවා. මොකද අපිට බැහැ අපට ආදායමක් නැහැ එක ගමකට අයිතියි මිනිස්සු ගොඩක් පෝෂණය කරන්න. අපිට පුලුවන් එකම දේ තමයි අපිට හම්බ වෙන්න තියෙන දාන වෙල ඔවුන් අපි දන්නවා ඔවුන් දාන වේලකට රුපියල් දෙතුන් දාහක් වියදම් කරනවා. ඒකට මදිපුංචිකමක් කරන්නේ නෑ.දරුවො බඩගින්නෙ ඉද්දි තමයි අපිට කිරි හට්ටි ගෙනල්ලා පූජා කරන්නේ. ඒ නිසා ඒ කම්පනය අපිට තියෙනවා. ඒ නිසා අපි කල්පනා කළා මේක නතර කරලා මේ දුෂ්කර කාලේ ගියාට පස්සේ අතමිට සරු කර ගෙන කුඹුරට බැහැලා ,හේනට ගිහිල්ලා ,මුහුදට ගිහිල්ලා මිනිස්සු තමන්ට පුරුදු කුළී රස්සාව කරලා කීයක් හරි හොයා ගත්තට පස්සෙ තව මාස දෙකක් තුනක් ගියාම අපි සුපුරුදු දාන වේල ආරම්භ කරමු කියලා එහෙමයි අපි කියලා තියෙන්නේ.
හැබැයි මෙලෝ ලතෙක් කමක් නැති මේ මහජනතාවගෙන් මේ අහිංසක මිනිස්සුන්ගෙන් ඡන්ද ගත්ත මේ දුෂ්ට පාලකයෝ කිසිම අනුකම්පාවක් නැතුව බයක් නැතුව මේ මහජනතාවට දෙන්න පුළුවන් වද තිස් දෙකම දෙනවා මේ ආණ්ඩුව. අද එක පැත්තකින් ගොවියා අසරණ කරලා තියෙනවා පොහොර නතර කරලා. අනිත් පැත්තෙන් ධීවරයා අසරණ කරල තියනවා .කොහෙද යන නෞකාවන් ගෙනල්ලා ඩොලර් හම්බකරගන්න ගිහිල්ලා. අනිත් පැත්තෙන් පාසල් ළමයින්ගේ අධ්‍යාපනය බිඳ වැටිලා .මේ පැත්තෙන් මිනිස්සුන්ට සංචරණ සීමා නිසා එදා වෙල වැඩ කරගන්න විදියක් නෑ. මේ ආදිය කෙළවරක් නැති ප්‍රශ්න. ඒ නිසා මේ ආණ්ඩුව ඔක්කොම ගොන්නු ටික මිනිස්සුන්ට අනින්න පටන් ගෙන තියෙනවා. මේ විදියට තෙල් මිල වැඩිකිරීම නිසා ඉදිරියට හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට බේකරි ආහාර වර්ග ,බස්ගාස්තු මේ ආදී හැම දෙයක්ම මිල නොවන දෙයක් නෑ .පලා කොළ ඉඳන් හැමදේම මිල වැඩි වෙනවා .මේ මිල වැඩිවීම කොහොමද මිනිස්සු දරා ගන්නේ .අපි අහනව ජනතාවගේ ඔබ මේක දාරා ගන්න සුදානම්ද? ඔබ පත් කළ ආණ්ඩුව නිසා ඕන දෙයක් කරපුවාව කියලා කමක් නෑ කියලා ඉන්නවාද ?මං හිතන්නේ කිසිම කෙනෙක් එහෙම ඉදියි කියලා. ඉන්නත් එපා කියල අපි කියනවා .ඇයි ඉන්නේ ?මෙච්චර අපිට වද දෙන ආණ්ඩුවකට අපි සුවසේ ඉන්න දෙන්නේ ඇයි .ඔබ කල්පනා කරල බලන්න. ඔබ විඳින්න පුළුවන් සියලුම දුක් විදගෙන මේගොල්ලන්ට සැපසේ පස්ස පැත්ත තියාගෙන යන්න කොටි 5 ගානේ වාහන ගෙන්නන්න ඒගොල්ලො ඉදිරිපත් වෙලා ඉන්නවා . මේ අහිංසක මනුස්සයට බයික් එකට ගහන petrol ලීටරය මේ වැඩි කරල තියෙන්නෙ .ඒ නිසා ඒගොල්ලොන්ගෙ පස්ස පැත්ත තියාගන්න කෝටි ගණන් වැය කරනවා. එතකොට ඩොලර් හිඟ එකුත් නෑ ,මොකක්වත් හිඟයක් නෑ .හැබැයි ජනතාවට මොනවත් දෙන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නෑ. . ඒ නිසා මේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව අතිශයින්ම පිළිකුල් ලෙස හෙළා දකිනවා .මේ මුද්ග, තකතීරු අඳම ආණ්ඩුවක්. අර විශාලා මහනුවරට යක්ෂයන් අරක් ගත්ත වගේ ශ්‍රී ලංකාවට ආරක් ගත්ත යක්ෂ පිරිසක් තමයි ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය .මේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා ජනතාවට අපි කියනවා නිහඬව ඉන්න එපා.

COMMENTS