දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහින්න සූදානම් !
Homeප්‍රවෘත්ති

ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහින්න සූදානම් !

PropellerAds

STOP USA සංවිධානයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ඇම...

විදේශ ණය ගෙවීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේන් ඇ.ඩො. මිලියන 1000 ක් - මංගල හා රවී ගැටේ
ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ: පුරවැසියාගෙන් ප්‍රශ්න 5 ක්
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු
STOP USA සංවිධානයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ඇමරිකාව රට ඇතුලට ආවොත් මොකද වෙන්නේ. මතකතබාගන්න, ලෝක බලවතුන් මව්බිම තුලට රැගෙන ඒම ලේසියි.
  හැබැයි ඔවුන් ආපසු එළවා ගැනීම නම් කිසිදාක පුළුවන් වන්නේ නැහැ. පැනමා වැනි රටවල් කඳුලින් ලෝකයට කියන කතාව එයයි. අපට පැහැදිලි වුණා ලංකාව හරි මැදින් දෙපලු කරන ආර්ථික කොරිඩෝවක් බිහි කරනවා කියන එක. මේ සමස්ත ලෝකයේ මෙවැනි තකතීරු වැඩක් කරපු තවත් කිසිම රටක් නැහැ. රටේ ස්වාධිපත්‍යයට වඩා තමන්ගේ සාක්කුවට වැටෙන ඩොලර් ටික ලොකු යැයි හිතපු පාලකයන් ලෝකයේ කිසිම රටක ඉතිහාසයේ කිසිම තැනක වාර්තා වෙලා නැහැ. ඒ අතින් බැලුවාම නම් අපේ පාලකයෝ හරිම සුවිශේෂී. ගිවිසුම් මගින් ලංකාව අපේ රට තුළට ගෙන්න ගන්න හදන්නේ කෙතරම් කාලයකට දැයි අප දන්නේ නැහැ. අපි හිතමු ඒ වසර 99 යකට කියා.  ඒ වසර 99 අවසන් වුණාම අපි  “ කාලේ හමාරයි දැන් ගෙදර යන්න“ යැයි කිව්වම ඇමරිකාව  “ මට බැහැ “  යැයි කිව්වොත් අපි මොකද කරන්නේ. අපිට ගහල එලවන්න පුලුවන්ද.  ඔය බද්දට දෙන්නේ මාලදිවයිනට නම් නේපාලයට නම් බංගලිදේශයට නම් අපේ රණවිරුවන්ට යන්න බැහැ කිව්වොත් ගහල එලවන්න හරි පුළුවන් වේවි. නමුත් මේ එන්නේ ලෝකයේ ප්‍රබලම හමුදාව තියෙන ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාව නම්, ඒවගේම ඔවුන් අවි දරා අප රට තුල ඔබ මොබ සැරි සරනව නම් ඔවුන් ආපසු යන දවසක් උදාවන්නේ නැහැ.

ඔබේ ගේ ඇතුලට බල්ලෙක් ආවොත් කොස්ස අරං පන්නන්නට පුළුවන්.  හැබැයි බල්ලෙක් වෙනුවට සිංහයෙක් ආවොත් සිංහයාටත් අපි කොස්සෙන් ගහන්න යනවද.  නැතිනම් ගෙදර සිංහයාට බාරදීලා පණ එපා කියලා ගෙදරින් එළියට යනවද ? සිංහයා ගෙට රිංගුවා ම අපට අත්වන ඉරණම මයි ලෝක බලවතුන් ආවම අපට අත් වන්නේ. නමුත් ඇමරිකාව ලෝකේ පුරාම කොටාගෙන කොටාගෙන ගිහිල්ලා තැන් දෙකකදී හොට ඇන ගත්තා. හැටේ දශකයේ අග පටන් අරගෙන හැත්තෑව දශකයේ දී වියට්නාමයට හමුදා යැව්වහම වියට්නාමයේ සිටි වීරෝදාර ජනතාව එයට එරෙහිව නැගී සිටියා. කොන්ග් ඩුක් භික්ෂූන් වහන්සේ සිය සිරුර ගිනිතබාගත්තා.  වියට්නාම ජනතාව සිය අධිෂ්ඨාන බලයෙන් ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව එක මිටට හිටගත් නිසා ඇමරිකාවට ඉතිහාසයේ කවදාවත් අමතක නොවන පාඩමක් උගන්නලා වියට්නාමයෙන් එළියට ඇද දමන්නට හැකියාව ලැබුණා. ඇමෙරිකාව අත පුච්චා ගත්තේ වියට්නාමයෙන්.   වියට්නාමයට සවිය උනේ ඔවුන්ගේ සැබෑ මිතුරෙක් ලෙසින් සෝවියට් දේශය වියට්නාමයට සවිය දුන් නිසා.

ඒ වගේම මෑත කාලයේ අරාබි වසන්තය ආවා.  යේමනය ටියුනීසියාව ඊජිප්තුව ලිබියාව වැනි රටවල ආණ්ඩු පෙරලා ගන්නට අරාබි වසන්තය හරහා ඇමෙරිකාවට හැකියාව ලැබුණා. නමුත් සිරියාවේ ආණ්ඩුව පෙරළා ගැනීමට අරාබි වසන්තයට හැකියාවක් ලැබුණේ නැහැ. චීනය රුසියාව හා තුර්කිය කියන සිරියාවේ සැබෑ මිතුරන් සිරියාව හා එකට හිටගත් නිසා. ඇමරිකාව කියන මේ මහා රාක්ෂයාට අපට තනියෙන් මුහුණදීමට නොහැකි නම් අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි නොගසන අපේ රට ඔවුන්ට නතු කර ගැනීමට කටයුතු නොකරන අපේ මිතුරන් සොයා ගත යුතු හෝරාව මේ මොහොතේ උදාවෙලා තියෙනවා.

කවුරුහරි අපෙන් අහන්නට පුළුවන් ඔබේ ආණ්ඩුව ආවම මේ ගිවිසුම් අහෝසි කරනවාද කියලා.  අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. එහෙම උදාන වාක්‍ය කියන්න අප යන්නේ නැහැ.   එහෙම සිංහනාද නගන්න බැහැ. රටවල් දෙකක් ද්වීපාර්ශිකව අත්සන් කළ ගිවිසුමකින් ඒකපාර්ශවිකව ආණ්ඩුවකට ඉවත් වන්නට බැහැ. අපට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1988 ජනාධිපතිවරණයේ දී කිව්වා ඉන්දු ලංකා ගිවිසුම අප බලයට පත්වූ වහාම අහෝසි කරනවා කියලා. 1994 එතුමිය රටේ අගමැතිනිය වුණා. හැබැයි ගිවිසුම අහෝසි කළේ නෑ නෙවෙයි එසේ කරන්නට බැහැ. ද්විපාර්ශික ගිවිසුමකින් ඒකපාර්ශ්විකව ඉවත් වීමට හැකියාවක් නැහැ.

එහෙමනම් අප මෙය කරන්නේ කොහොමද.  ඉන්දු ලංකා ගිවිසුමේ දී ලංකාව ඉන්දියාවට පොරොන්දු වුණා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර තනි පළාතක් ලෙස පවත්වාගෙන යන්න. ඒවගේම එම ගිවිසුමෙන් ආණ්ඩුව එකඟ වුණා ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවට ලබා දෙන්න. වසර තිස් දෙකක් ගත වෙලා තාම ඒ දේ කරන්නට පුළුවන් වෙලා නැහැ. නොකළේ ඇයි කියල ඉන්දියාව අහන්නෙත් නෑ මේ රටේ ජනතාව පාරට බැහැලා ජීවිත පූජා කරලා ඒ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරනවාට විරෝධය පළ කරපු නිසා.

එහෙම නම් මේක දේශපාලකයන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.  රටේ ජනතාව එක්ක මිටියට පාරට බැහැලා මේ මිලියන 20 ම ජාති ආගම් කුල භේද පැත්තකින් තියලා එකට හිට ගත්තොත් ඇමරිකාවට නොවෙයි ඕනෑම බලවේගයක් පරාජය කළහැකි කියන පාඩම වියට්නාමයේ අපේ සහෝදර ජනතා අපට උගන්වා තියෙනවා.  අපේම කලින් පරම්පරාව ජීවිත පූජාවෙන් අපට උගන්නලා තියෙනවා. ජාති ආගම් පක්ෂ පාට කුලභේද ඔක්කොම පසෙකින් තියලා මෙයට එරෙහි විය යුතුයි.  මොකද අපිට පක්ෂවලට බෙදිලා රණ්ඩු කරන්නත් රටක් ඉතිරිවී තිබිය යුතුයි. ඒ නිසා මේ රට බේරගන්නට සියලු දෙනාම සියලු භේද පසෙකින් තබා එකමුතු වෙමු.

සමහරුන්ට හිතෙන්න පුළුවන් ඇමෙරිකාව එක්ක හැප්පෙන එක කළුගලේ ඔළුව ගසා ගැනීමක් කියලා. හැබැයි මේ මිලියන 20 ම එක මිටියට ඇවිල්ලා ඇමරිකාව කියන කළුගලේ ඔළුව ගසා ගත්තොත් ඒ ඇතිවන කම්පනයෙන් ඇමරිකානු කළු ගල පුපුරා හැලෙනවා සත්තයි. ඒ නිසා මේ ඇමරිකාවේ ගමන් මඟ නතර කරන්න  බිහිවන STOP USA  සංවිධානය සමග සමස්ත ජාතියම අත්වැල් බැඳ ගන්න යැයි අප ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහින්න සූදානම් !
ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහින්න සූදානම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifBgXwh41Xs6B1RNpsjkadahL9y7-2Sb0eS_monA-U0KzHLqeS4wWAvM89b5A-gjj8haY7A_hZLNgQztNOaQNAGqlAplHUKU-lttovG9ED7vy7xDSbKeIQZNXe8sCNugp3vbooi6gi7hs9/s320/us.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifBgXwh41Xs6B1RNpsjkadahL9y7-2Sb0eS_monA-U0KzHLqeS4wWAvM89b5A-gjj8haY7A_hZLNgQztNOaQNAGqlAplHUKU-lttovG9ED7vy7xDSbKeIQZNXe8sCNugp3vbooi6gi7hs9/s72-c/us.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_825.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_825.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy