වව්නියාව කනගරායම්කුලම ප්‍රදශෙයේ තුවාල ලබා මසක් පමණ එක තැන වැටී සිටි අලියකු එසවීම සදහා කුප්‍රකට ‘අලි රොෂාන්’ නමින් හැදින්වෙන නිරාජ් රොෂාන් ...
වව්නියාව කනගරායම්කුලම ප්‍රදශෙයේ තුවාල ලබා මසක් පමණ එක තැන වැටී සිටි අලියකු එසවීම සදහා කුප්‍රකට ‘අලි රොෂාන්’ නමින් හැදින්වෙන නිරාජ් රොෂාන් නැමැත්තාද පැමිණ ඇති බව දැනගන්නට ඇත. මෙසේ අලි රොෂාන් එම ස්ථානයට පැමිණෙන විට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද එම ස්ථානයට පැමිණ සිටි බවක් වාර්තා වේ.
කෙසේවෙතත් බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් මෙම අලියාව එසවීමට අලි රෝෂාන් නැමැත්තා උත්සහ කොට ඇති බවත්, එසේ උත්සාහ කිරීමෙන් පසුදින අලියා මියගොස් ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වයක් මැදිහත් වීම පිළිබදව දැනටමත් වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සිය විරෝධය පළ කොට ඇති බවක්ද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍ය වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතා සදහන් කොට ඇත්තේ අලි රොෂාන් නැමැත්තා පැමිණි ආකාරය පිළිබදව තමන් නොදන්නා නමුුත් වනජීවී නිලධාරීන්ගේ කටයුතුවලට බාධා නොකරන ලෙස තමන් එම තැනැත්තාට දැනුම් දුන් බවය.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේද පැහැදීමක් නොමැති බවද අමාත්‍යවරයා සදහන් කොට තිබේ. කොලඹ ජාතික රෝහලේදී..

COMMENTS