පසුගිය දිනයේ දී මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ කොටසේ ඉදි කිරීම් කටයුකු තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහ ම...
පසුගිය දිනයේ දී මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ කොටසේ ඉදි කිරීම් කටයුකු තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහ මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ කොටසේ ඉදි කිරීම් කටයුකු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
සංචාරක අමාත්‍යවරයා තවදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම ඉදි කිරීම් නිසා මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයක් ගං වතුරින් යට වි ඇති බව සහ ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේ සැලැස්ම නැවත තක්සේරු කරන බවයි.
කෙසේ නමුත් අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කරමින් මහ මාර්ග අමාත්‍යංශය සඳහන් කර සිටියේ මේ දක්වා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කී පරිදි කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.
මහ මාර්ග අමාත්‍යංශයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය,

COMMENTS