සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී. ...
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
ඒ අනුව, සීමා සහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමූපකාර සමිති මගින් ඉටු කරනු ලබන සියලු ම ආහාර, පාන ද්‍රව්‍ය ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් සියලු ම පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ නියාමන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු යැයි නියමිත සියලු ම සේවා, වැඩ හෝ ඕනෑ ම ආකාරයක ශ්‍රමය යෙදවීම අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.
එමෙන් ම, පළාත් සභා යටතේ වන සියලු ම රජයේ කාර්යාල මගින් ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වු කවරවුව ස්වභාවයේ සියලු ම සේවා, වැඩ හෝ ශ්‍රම දායකත්වය ද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත.

COMMENTS