කුරුණෑගල නගරාධිපතිගේ උපන් දිනයදා පොලීසියේ පිරිතක් තුළම කේක් කවපු කුරුණෑගල සහකාර පොලිස් අධිකාරීවරයා නොමනා ක්‍රියාකාරකම් කළ පුද්ගලයකු ලෙස පො...
කුරුණෑගල නගරාධිපතිගේ උපන් දිනයදා පොලීසියේ පිරිතක් තුළම කේක් කවපු කුරුණෑගල සහකාර පොලිස් අධිකාරීවරයා නොමනා ක්‍රියාකාරකම් කළ පුද්ගලයකු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා හඳුන්වයි. 84000ක් සිටින පොලිසිය තුළ සිටින සිංහයන් අතර මෙවැනි ගෙම්බන්ද සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මූලිකත්වයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවත් සොයා බැලීමෙන් පසු අවශ්‍ය නම් අදාල පොලිස් අධිකාරීවරයාගේ වැඩ තහනම් කිරීමට පවා පසුබට නොවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වන විට අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා කුලියාපිටිය කොට්ඨාශයට වහාම මාරු කොට ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ වැඩසටහන එක්වෙමිනි.

COMMENTS