දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිරිඇල්ලට මල පනී.. අගමැති මැදුරේදී දිගට හරහට කබීර් හෂීම්ට බැණ වදී !
Homeප්‍රවෘත්ති

කිරිඇල්ලට මල පනී.. අගමැති මැදුරේදී දිගට හරහට කබීර් හෂීම්ට බැණ වදී !

PropellerAds

අ මාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම්ට අරලියගහ මන්දිරයේදී බැණ වැදුණු බව පක්ෂයේ ආරංච් මාර්ග සඳහන්...

ලංකාවේදී මරාගෙන මැරෙන බෝම්බ පිපිරවූ ත‍්‍රස්තයන් 07 මෙන්න - ISIS හෙලි කරයි
පැය 24ක් ඇතුලත ආරක්ෂක ලොක්කන් වෙනස් කරනවා.. මෙම ත‍්‍රස්තවාදීන් ගැන 2017 සිට තොරතුරු ලැබුණා - ජනපති
ප‍්‍රහාරය ගැන සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දුන්නා.. ඒ අනුව ඔවුන් කිසිවෙකු පාස්කු ඉරිදා පල්ලි ගියේ නෑ..- බුද්ධි අංශය කියයි..
මාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම්ට අරලියගහ මන්දිරයේදී බැණ වැදුණු බව පක්ෂයේ ආරංච් මාර්ග සඳහන් කර සිටියි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අරලියගහ මන්දිරයේ දී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවේදීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී කිරීමට ගිය කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කරුණු හෙළිදරව් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අමාත්‍ය කබීර් හෂිම්ට මෙම චෝදනාව එල්ල කරනු ලැබු බව එහි අභ්‍යන්තර ආරංච් මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“අපේ ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස කොල්ල කා මහින්ද රාජපක්ෂලාට ලබා දුන් අවස්ථාවේ දී ඊට එරෙහිව ආණ්ඩුව යළි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පළමුව සටන ආරම්භ කළේ මමයි.

ආණ්ඩුව යළිත් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේදී මම කළ භූමිකාව ගැන ඇති වූ වැරදි වැටහීමක් නිසා අපේ ආණ්ඩුව යළි පිහිටු වීමේදී මගේ අමාත්‍යංශය දුර්වල කෙරුණු අතර මගේ බලතල සහ විෂයන් බොහොමයක් කප්පාදු කෙරුවා.

පසුව ජනාධිපතිතුමාම මට සිදු වූ අසාධාරණය තේරුම් ගත්තා. ඒ අනුව මට අවශ්‍ය අමාත්‍ය විෂයන් සහ බල තල පිළිබඳව ලිඛිතව දැනුම් දෙන්න යැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව කබීර් හෂීම් වැඩිපුර දරන ඛනිජ තෙල් අමාත්‍යංශය ඔහුගෙන් ගලවා මට ලබා දෙන ලෙසට අගමැතිතුමා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.

නමුත් පහුගිය දවසකදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයායි, කබීර් හෂීම්,රංජිත් මද්දුම බණ්ඩාර ,මලික් සමරවික්‍රම,චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපතිතුමා හමු වෙලා කියලා තියනවා ඒ අමාත්‍යංශය මට දෙන්න එපා කියලා.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව මම ජනාධිපතිතුමා හමු වූනා. ඒ අවස්ථාවේදී එතුමා මට මේ ගැන කිව්වා. එතුමාගේ වචනයෙන්ම කියනවා නම් මේ පස් දෙනා ඇවිත් ඔබට මේ අමාත්‍යාංශය ලබා දෙන්න එපා කියා ඉල්ලමින් මගේ ඔළුව කෑවා යැයි එතුමා කිව්වා.

අපේ රවී කරුණානායක ඇමැතිතුමාත් ඒ වෙලාවේ එම ස්ථානයේ හිටපු නිසා ඔහු මේ ගැන සාක්කි දේවි.

එක්සත් ජාතික පක්ෂයේ සමඟිය ජයග්‍රහණය සහ විනය ගැන කතා කරන මේ අය අපේ දේශපාලන විරුද්ධවාදීන් එක්ක අපටත් අපගේ පක්ෂයටත් විරුද්ධව වැඩ කරන්නේ මෙහෙමයි.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඒ අයගේ ඇමතිකම්වලින් ඉල්ලා අස් වුණා. ඒ වෙලාවේ තමුන් මොකක්ද කලේ?

ආණ්ඩුවෙයි, පක්ෂයෙයි,නායකයාගෙයි ස්ථාවරයට විරුද්ධව අගමැතිතුමාටත් නොකියා හොර රහසේම ගිහින් ජනාධිපතිතුමා හම්බවෙලා ඇමතිකමේ දිවුරුම් දුන්නා.

ඊට පස්සේ හොරෙන්ම ගෝඨාභය රාජපක්ෂව හම්බ වුණා. එහෙම හම්බ වෙලා එක්සත් ජාතික පක්ෂයේ සියලු රහස් ගෝඨාභය රාජපක්ෂට දුන්නා.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී නවින් දිසානායක ඇමතිතුමා මේ ගැන ප්‍රශ්න කළා. එතකොට ගෝඨාභය රාජපක්ෂ හම්බවුණ බව පිළිගන්න තමුන්ට සිද්ධ වුණා.

ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයයි, අගමැතිතුමයි තීරණය කරලා මට ඛනිජ තෙල් අමාත්‍යංශය දෙන්න කියලා ජනාධිපතිතුමාට දැනුම් දුන්නාට පසුව තමුන් ඒ මැද්දට පැන්නා.

අගමැතිතුමාගේ තීරණ ක්‍රියාත්මක කරන්න එපා කියා ජනාධිපතිගෙන් ඉල්ලන්න තියෙන බලය මොකක්ද?

තමුන්ගේ ආගමට වගේම ජාතියටත් කරන ලැජ්ජාවක් මේක. තනතුරුවලට, වරප්‍රසාදවලට වගේම මුදල්වලට ඇයි මේ විදිහට පක්ෂය පාවලා දෙන්නේ? “ යනුවෙන් මෙහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා මිනිත්තු 20කට අධික කාලයක් එම රැස්විම තුළදි දැඩි දෝෂ දර්ශනයක් එල්ල කලත් කබීර් හෂිම් අමාත්‍යවරයා ඊට කිසිදු පිළිතුරක් නොදුන් බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංච් මාර්ග සඳහන් කර සිටියේය.

– adaderana


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිරිඇල්ලට මල පනී.. අගමැති මැදුරේදී දිගට හරහට කබීර් හෂීම්ට බැණ වදී !
කිරිඇල්ලට මල පනී.. අගමැති මැදුරේදී දිගට හරහට කබීර් හෂීම්ට බැණ වදී !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTCq0QidudjHwqYD8PK3cfO2o4_9lUO_gxfaqaZ1OINWUAbvfnKjbTn3U2kC3TqxkQYeV4C1aclpb_WHWEqp5PsFTojzQCU5xbl5zOqfUf0sig0T5_5Q1VfNPYrEVUYIhDLDKvvDcWGd0y/s320/lakshman-kabhir.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTCq0QidudjHwqYD8PK3cfO2o4_9lUO_gxfaqaZ1OINWUAbvfnKjbTn3U2kC3TqxkQYeV4C1aclpb_WHWEqp5PsFTojzQCU5xbl5zOqfUf0sig0T5_5Q1VfNPYrEVUYIhDLDKvvDcWGd0y/s72-c/lakshman-kabhir.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_806.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_806.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy