දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධ උරුමයට අත තිබ්බොත් බලයේ රස විඳින අවසන් මොහොත එය බව පාලකයන් දැනගත යුතුයි- පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි
Homeප්‍රවෘත්ති

බෞද්ධ උරුමයට අත තිබ්බොත් බලයේ රස විඳින අවසන් මොහොත එය බව පාලකයන් දැනගත යුතුයි- පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි

PropellerAds

ජන බලයෙන් පිරිහුණු පාලකයන් තම අවසාන කාලය පැමිණි විට සාංඝික දේපළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමි...

"ගෝඨාට ඇමෙරිකාවේදි නඩු දැමූ කුමාර් සමනේතන්ට ත්‍රස්ත චෝදනා - ෆොන්සේකා, විග්නේෂ්වරන් පවා හමුවෙලාලු" පැරණි නඩු වාර්තා සමග කාංචන හෙළිකරයි !
‘අප යලි පිටියේදී හමු නොවේ.. සහය දුන් සැමට ස්තුතියි’ – මාලිංගගේ ෆේස්බුක් පිටුවේ සටහනක්
මාකදුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට
ජන බලයෙන් පිරිහුණු පාලකයන් තම අවසාන කාලය පැමිණි විට සාංඝික දේපළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමිණෙනු ඇතැයි ජාතික ව්‍යාපාරය කිසිලෙසවත් අපේක්‍ෂා නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිංහල රාවය පක්‍ෂයේ නායක පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ පැවසූහ.
 
නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 1500 ක් වැය කොට කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ හා යාබද ශී‍්‍ර බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් රජයට පවරාගෙන වාහන අංගනයක් ගොඩනැගීමට ගත් පියවර සම්බන්ධයෙන් සිංහල රාවය පක්‍ෂය දැඩි කම්පනයටත් අපේක්‍ෂාභංගත්වයටත් පත් වූ බවත් උන්වහන්සේ සඳහන් කළහ.
 
එම සැලසුම හකුළා ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පැවසුව ද අනතුර පහව ගොස් නැති බවත් කොළඹ පමණක් නොව නාගරික ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථානවලට අලූත් අනතුරක් නිර්මාණය වී ඇති බවත් අක්මීමණ දයාරතන හිමියෝ පැවසූහ.
 
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (04දා) සිංහල රාවය පක්‍ෂ මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. මේ සඳහා සිංහල රාවය පක්‍ෂයේ මහ ලේකම් ශාලික පෙරේරා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
 
මෙහිදී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ මෙසේද පැවසූහ.
 
”අපි දැක්කා පසුගිය යහපාලන ආණ්ඩුව කාලේදී පමණක් නොවෙයි ඊට පෙරත් බලයේ සිටි පාලකයෝ තමන්ගේ ව්‍යාපාරික මිතුරන් සහ අවස්ථාවාදී නිලධාරීන් සමග කල්ලිගැසී සාංඝික දේපළවලට බැල්ම හෙළන ආකාරය. ඒත් ඒ සියලූ දෙනාගේම අවසානය කවුරුත් විශ්වාස නොකළ ආකාරයට අවසාන වුණා. ඇතැමුන් දේශපාලනයෙන් චුතවෙලා ගියා. නන්නත්තාර වුණා. මහජන බලයෙන් පිරිහෙන, බලයට පත්වීමට ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි පාලකයෝ අවසානයේ යන යකා කොරහත් බිඳගෙන යනවා වාගේ සාංඝික දේපළ පවා කොල්ල කාලා තමන්ගේ ගජ මිතුරන් පිනවීමට පියවර  ගන්නා නිර්ලජ්ජිත ඉතිහාසයක් අපට තිබෙනවා.
 
ඒත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, 99% ක් සිංහල බෞද්ධයන් සහ බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් බලයට පත් කළ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් යටතේ අපි මෙවැනි පියවරක් කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. අපි බලාපොරොත්තු වුණේ අන්‍යාගමිකයන්, අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් විනාශ කරන ලද, කොල්ලකන ලද සිංහල බෞද්ධ උරුමය යළි තහවුරු කරන, සුරක්ෂිත කරන පාලනයක්. ඒකයි සිංහල බෞද්ධයන් ලෙස, ජාතික ව්‍යාපාරය ලෙස අපේ උතුම්ම, එකම අරමුණ වුණේ. අපිට කළු සල්ලි සුදු කරන්න, රාජ්‍ය දේපළ කොල්ල කන්න, තනතුරු තාන්නමාන්න
 
ගන්න, වරප‍්‍රසාද ගන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපේ එකම අරමුණ වුණේ සිංහල ජාතික ව්‍යාපාරය දිවිහිමියෙන් රැුකගත් සිංහල බෞද්ධ උරුමය රැුකගැනීමයි. එය සුරක්‍ෂිත කර දියුණුකර අනාගත පරපුරට උරුම කිරීමයි. ඒත් දැන් අපේ ඒ අපේක්‍ෂාව විනාශ වෙමින් තිබෙනවා.
 
දැන් ආණ්ඩුවට පවසන්න පුළුවන් අපි ශී‍්‍ර බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම අත්පත් කර ගැනීමට ගත් තීරණය ඉවත් කර ගත්තා කියලා. ඒත් ඒක වුණේ ආණ්ඩුවේ අවංකකම නිසා නොවෙයි.
 
සමාජ මාධ්‍ය සහ ජාතික ව්‍යාපාරය කළ දැඩි බලපෑම නිසයි. ඒ නිසා අපි ආණ්ඩුවට, විශේෂයෙන් ආණ්ඩුවේ රැුකවරණය ලබමින් සිංහල බෞද්ධ උරුමය විනාශ කරන්න මාන බලන සියලූම දෙනාට දැඩි අනතුරු ඇගවීමක් කරනවා. සිංහල බෞද්ධ උරුමයට අත තියන්න ආවොත්, සාංඝික දේපළවලට කෑදරකම් කළොත් ඒක බලයේ රස බලන අවසාන මොහොත බව සිතා ගන්න කියලා.

-දිවයින 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධ උරුමයට අත තිබ්බොත් බලයේ රස විඳින අවසන් මොහොත එය බව පාලකයන් දැනගත යුතුයි- පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි
බෞද්ධ උරුමයට අත තිබ්බොත් බලයේ රස විඳින අවසන් මොහොත එය බව පාලකයන් දැනගත යුතුයි- පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxmFUur3pPM_QPdPLk13oodjFB1WbpbYwFZeap2cTvIbDkF4lMmzK3yjH7PZcIin1cQ5HxRp32bwHk4IDMIDfOiD4TikWSJpzGdAnH50U_qdoU05AmhsVABI446WAbel7bHChiurTkz3s/s320/akmeemana-dayarathana-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxmFUur3pPM_QPdPLk13oodjFB1WbpbYwFZeap2cTvIbDkF4lMmzK3yjH7PZcIin1cQ5HxRp32bwHk4IDMIDfOiD4TikWSJpzGdAnH50U_qdoU05AmhsVABI446WAbel7bHChiurTkz3s/s72-c/akmeemana-dayarathana-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy