දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා
Homeප්‍රවෘත්ති

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

PropellerAds

වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන,...

"ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව මා කී කතාව නිවැරදියි" - විග්නේෂ්වරන්
ඇඹිලිපිටිය පොලිස් අත්අඩංගුවේදී මියගිය ප්‍රසන්නගේ බිරියට ලක්ෂ 10ක් ගෙවන්න උසාවි නියෝගයක්
සංදීප් අනතුරට ලක් කිරීම - රිමාන්ඩ් කළ පාඨලී පසුගිය රජය මන්ත්‍රීවරුන් සිර ගත කළ මැදිරියේම රඳවයි !
වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් අතින් ඊයේ (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

රිෂාඩ් බදුයුදීන්ට විරෝධය පල කිරිම සඳහා අද අහංගම නගරයේ වෙළදසැල් වැඩි ප්‍රමාණයක් වසා දමනු ලැබ තිබිණ. භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුලු විශාල පිරිසක් අහංගම නගරයේ සිට සටන් පාඨ කියමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගාලු මාතර මාර්ගය ඔස්සේ පාගමනින් කිලෝ මීටරයක් පමණ දුරින් තිබු හෝටල් පාසැල  විවෘත කිරිමේ උත්සව භූමිය කරා පාගමනින් පැමිණියහ.

විරෝධතාකරුවන් උත්සව භූමිය අසලට පැමිණෙන විට ඔවුන් අසලට ගිය පොලිසිය
මෙම උත්සවයට රිෂාඩ් බදුයුදීන් නොපැමිණෙන බව  විරෝධතා කරුවන්ට දන්වන ලද නමුත් ඒ ගැන නොතකා විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිටට පැමිණියහ.  පසුව විරෝධතාකරුවෝ සටන් පාඨකියමින් උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ විරෝධතාවයේ යෙදි සිටියහ.

මෙම අවස්ථාවේ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන‍, හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත යන මහත්වරුන් උත්සව භූමියට ඇතුලුවන විට විරෝධතාකරුවෝ‍  නොකඩා හූ හඩ නැගූහ. පසුව විරෝධතාවය මැද උත්සවය ආරම්භකරන ලදී.

ඒවන විට මහා සංඝරත්නය ඇතුලු විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ සිට උත්සවයේ කථිකයින් විසින් රිෂාඩ් බදුයුදීන්ගේ නම සදහන් කරන විට නොකඩා හූ හඬ නැගූහ. කෙසේවෙතත් ඇමති රිෂාඩ් බදුයුදීන් මෙම උත්සවයට පැමිණියේ නැත. එහෙත් ඇමතිවරයා පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් විරෝධතාකරුවෝ උත්සවය අවසන්වන තෙක් උත්සව භූමිය අසල රැඳී සිටියහ.

විරෝධතාකරුවන්ට උත්සව භූමියට ඇතුලුවීමට නොහැකිවන පරිදි පැය 2ක පමණ වේලාවක් උත්සව භූමියට ඇතුලුවන දොරටුව  ඉදිරිපිට පොලිස් නිලධාරීහු රැඳී සිටියහ.

හබරාදුව කොක්වත්ත නිග්‍රෝධාරාමාධිපති අත්තරගොඩ පියනන්ද හිමියන් ප්‍රධාන භික්ෂූන්වහන්සේලා ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. උත්සවය අවසන්වූ පසු විරෝධතාකරුවෝද සාමකාමිව විසිර ගියහ.

රටට ආදරය කරන ජනතාව නැමැති සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා
බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxht_au4N6UmwOEFoBlyg7DnznS2XNbRko57DD-S1_O2-ZkZ2pykVmJMgLhcYOr8cgLZAiKnD2hrwBpGsYAPwJfgXR-BCWFlo34G3dJ2_6vL8ZrjpfzAfKAW76UXGR2McN22a57L7UNhq4/s320/badudeens.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxht_au4N6UmwOEFoBlyg7DnznS2XNbRko57DD-S1_O2-ZkZ2pykVmJMgLhcYOr8cgLZAiKnD2hrwBpGsYAPwJfgXR-BCWFlo34G3dJ2_6vL8ZrjpfzAfKAW76UXGR2McN22a57L7UNhq4/s72-c/badudeens.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy