දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක රටක් තුළ තිබිය හැක්කේ එක් නීතියක් පමණයි – ගෝඨාභය රාජපක්ෂ
Homeප්‍රවෘත්ති

එක රටක් තුළ තිබිය හැක්කේ එක් නීතියක් පමණයි – ගෝඨාභය රාජපක්ෂ

PropellerAds

නඩු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක් නීතියක් පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ග...

වව්නියාව මහාධිකරණයෙන් තිදෙනෙකුට මරණ දඬුවම
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම රෑ 11 ට - විනාඩි 11කට අතුරුදහන්
අධ්‍යක්ෂකවරයාට බැරි වුණා, මට සම්මානෙ ගන්න යන්න ටිකට් එකක් එවන්න..! - අනෝමා ජනාදරී
නඩු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක් නීතියක් පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති නීතිඥ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ (31දා) මෙම හමුව පැවැත්වමිනි.

“නඩුකර හැකි ඉක්මනින් අවසන් කිරීමට සෑම ප්‍රයත්නයක්ම ගත යුතුයි. නඩුකරයන් අවම වියදමින් අවසන් කරගත හැකි පරිසරයක් ගොඩ නැගිය යුතුය. නීති පද්ධතිය දූෂණයෙන් තොර  විය යුතුය.

නීතිය කඩිනමින් පසිඳලන්නට දැනට ඇති අධිකරණ හා විනිසුරුවන් ප්‍රමාණවත්ද යන්න අපට විමසා බලන්නට සිදු වෙනවා. නීතියේ ප්‍රමාදයන් වැළක්වීමට කෙටිකාලීන මෙන්ම දීර්ඝ කාලීන විසඳුම් සොයන්නට අපට සිදු වෙනවා. ඒ අතර යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, දේශීය හා විදේශීය පුහුණුව මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සහය වන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමද ඇතුළත් වෙනවා.

අපේ රටේ සංවර්ධනයේ ඉදිරි පිම්මක් සඳහා තාක්ෂනය බහුලව භාවිතා කිරීමට අප අදහස් කරනා නිසා සිංගප්පුරුව වැනි රටවල ක්‍රියාත්මක වන ඩිජිටල් තාක්ෂණය සහිත අධිකරණත් අපට ක්‍රම ක්‍රමයෙන් හඳුන්වාදෙන්න පුළුවන්.

අපට ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. ජාතික ආරක්ෂාව ගැන කතා කරනා විටත් නීතියේ ආධිපත්‍යය ඉතා වැදගත් වෙනවා. එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි.

නීතිය හැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි. පුරවැසියා හැමවිටම නීතිගරුක විය යුතුයි, නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරන  ආයතන වලට හා පුද්ගලයන්ට බය නම් එහි ගැටලුවක් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරණා විට අපි මතක තබා ගත යුතුයි නීතිය ක්‍රියාත්මක කරණ ආයතන හා පුද්ගලයනුත් නීතියට යටයි කියනා බව.

නීතිය සැමට සමානය යන උත්තරීතර සංකල්පය අභියෝගයට ලක් කරමින් රජයේ ඉහල නිලධාරීන් නීතිය නමන හැටි කියනවා පසුගිය කාලයේ ජනතාව මාධ්‍ය වලින් දුටුවා.

කාලීන ජාතික  අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි  ව්‍යවස්ථා සංශෝධනය, යල්පැනගිය නීති රීති  යාවත්කාලීන කිරීම, මැතිවරණ නීතිවල වෙනස්කම් වැනි නීති ප්‍රජාවේ සහාය අවශ්‍ය කරන වැඩකටයුතු රාශියක් අප ඉදිරියේ තිබෙනවා. ඒ සඳහා ඉදිරියේදී නීති විශාරදයන්ගෙන් මෙන්ම  ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ විද්වතුන්ගේ සහාය ලබාගන්නට  අපි කටයුතු කරනවා.”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක රටක් තුළ තිබිය හැක්කේ එක් නීතියක් පමණයි – ගෝඨාභය රාජපක්ෂ
එක රටක් තුළ තිබිය හැක්කේ එක් නීතියක් පමණයි – ගෝඨාභය රාජපක්ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMLaR19noLje0ZrLOGpGYsOwo4_wDmGgGWdPRhYcx8ijhApZ-zhdJi3u14ObMFTsrbLMYctOBZDLPspud0LekbMOC2-lhnAuVAHxhyVGZK_Cgjuky32g_qVNvtGgT5NVQnekXPj4T182Cl/s320/Gotabaya-Rajapaksa-ruls.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMLaR19noLje0ZrLOGpGYsOwo4_wDmGgGWdPRhYcx8ijhApZ-zhdJi3u14ObMFTsrbLMYctOBZDLPspud0LekbMOC2-lhnAuVAHxhyVGZK_Cgjuky32g_qVNvtGgT5NVQnekXPj4T182Cl/s72-c/Gotabaya-Rajapaksa-ruls.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy