චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදය ගැන මේ වෙද්දි රටම කතා වෙනවා. බොහෝ දෙනෙක් කතා වෙන්නේ මේ සාදය ගැන නෙවෙයි.. මේ සාදය පවත්වපු, මේ සාදයට සහභාගී...
චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදය ගැන මේ වෙද්දි රටම කතා වෙනවා. බොහෝ දෙනෙක් කතා වෙන්නේ මේ සාදය ගැන නෙවෙයි.. මේ සාදය පවත්වපු, මේ සාදයට සහභාගී වුණු අයට නීතිය ක්‍රියාත්මක වුණු හැටි ගැනයි.
පොඩි මිනිහට එක නීතියකුත් ලොකු ලොකු මිනිස්සුන්ට තව නීතියකුත් කියන එක මේ සිද්ධියෙන් මනාවට පැහැදිලි වුණා.
කොහොම වුණත් මේ සාදයට එකතු වුණු දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ඉන්නවා.
සමගි ජන බලවේගය නියෝජනය කරන භාගේෂ්වරී මධුෂිකා ගුණසේකර සහ ඔහුගේ සැමියා වන චමල් ගුණසේකර මෙම සාදයට සහභාගී වෙලා.
රට හදන්න කියලා ඡන්දේ ඉල්ලලා ප්‍රාදේශීය සභාවට ඇවිත් මේ විදිහට වැඩ කරනවානම් එතනින් එහා ගැන කියන්න ඕනෙද..?
සමාජය ඇතුලට ගිහින් මේ මන්ත්‍රීවරු පෙන්වන ස්වරූපය සැබෑ ස්වරූපය නෙවෙයි කියන එක මිනිස්සු තේරුම්ගන්න ඕනේ..
මොකද රටටම සංචරණ නීති පනවලා තියෙද්දි වගකිව යුතු මිනිස්සුත් ඒවා අමු අමුවේ උල්ලංඝනය කරනවානම් අනිත් මිනිස්සු ගැන කවර කතාද..?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සිය අනන්‍යතාවය හෙළිවීම වලක්වා ගැනීම සඳහා කොටුව පොලිසියට නම ලබාදී තිබෙන්නේ මධුෂිකා ගුණසේකර යනුවෙන්.
ඇයගේ සැමියා නම ලබාදී ඇත්තේ චමල් සුශාන්ත නමින්.
නිරෝධායනය සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය තිස්වැනිදා රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක චන්දිමාල්ගේ මෙම උපන්දින සාදය සංවිධාන කර තිබුණා.
මේ සම්බන්ධව අත්අඩංගුවට ගැණුනු චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලී අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහැරුනා.
-hiru gossip

COMMENTS