උතුරේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම නඩත්තු කිරීම,හා පිරිසිදු කිරීම යන කාරණා සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අළුතින් බදවා ගන්නා ලද සේවක...
උතුරේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම නඩත්තු කිරීම,හා පිරිසිදු කිරීම යන කාරණා සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අළුතින් බදවා ගන්නා ලද සේවක සේවිකාවන් දහසකගේ පමණ සේවය අත්හිටුවා තිබීම නිසා පුරාවිද්‍යා ස්ථාන නඩත්තු වීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
මේ පිරිස මුලින්ම කොන්ත්‍රාත් පදනම මත සේවයට බදවාගෙන තිබූ අතර ආණ්ඩු මාරු වූ කාලවකවානුවේදී ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වුවත් එය යළි දීර්ඝ කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා ඔවුන්ගේ සේවය අහිමි වී තිබේ.
කම්කරුව ඇතුළු විවිධ ශ්‍රේණි සදහා බදවාගෙන තිබූ මේ පිරිසගේ සේවය අත්හිටුවීමත් සමගම උතුරේ පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කිරීම පිරිසිදු කිරීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS