ජනතාවට නිවසට කොටු කරමින් රට ලොක්ඩවුන් තත්ත්වයට පත්කර ආණ්ඩුව විසින් රට විකුණා දමමින් සිටින බව සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්‍ෂ මහලේකම්...
ජනතාවට නිවසට කොටු කරමින් රට ලොක්ඩවුන් තත්ත්වයට පත්කර ආණ්ඩුව විසින් රට විකුණා දමමින් සිටින බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
එම පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අප රට වසා දමා ඇති අවස්ථාවේ ආණ්ඩුව හොර රහසේ රටේ පරිපාලනමය සහ ආර්ථික වශයෙන් වැදගත් ඉඩම් කුණු කොල්ලයට විකුණමින් සිටින බවයි.
එහි ප්‍රතිඵල අනාගත දරුවන්ට පවා භුක්ති විඳීමට සිදු ඇතැයිද ඔහු කියා සිටියේය.
වරාය නගර ඉඩම් විකිණීමෙන් නොනවතුණු ආණ්ඩුව ක්‍රම ක්‍රමයෙන් රටේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ ඇති වටිනා ඉඩම් එකිනෙක විකුණා දමමින් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් සිටින බවද ඔහු පැවසීය.
රටේ එකම බිම් අඟලක් හෝ විකුනන්නෙ නැතැයි පවසමින් බලයට පත් වූ ආණ්ඩුව අද කටයුතු කරන ආකාරය ගැන විපක්ෂය ලෙස කනගාටුවට පත්ව සිටින බවද ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂය ලෙස දැඩි විරෝධය පළ කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS