දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි..ඕනෑම තැනක රාජකාරි කිරීමට සූදානම් - කුරුණෑගල ASP කියයි
Homeප්‍රවෘත්ති

නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි..ඕනෑම තැනක රාජකාරි කිරීමට සූදානම් - කුරුණෑගල ASP කියයි

PropellerAds

කුරුණෑගල නගරාධිපති වරයාට කේක් කැපීමට ආරාධනා කළේ තමා බව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා පැවසීය. ඒ හේතුවෙන් ස්ථාන මාරුවක් ලැබුණද ත...

හෙට විශේෂ හෙළිදරව්වක් කරමින් නිමල් ලාන්සා ඒකාබද්ධයට
ඡන්දය දැමීමට තාවකාලික හැඳුනුම්පතක්
මැතිවරණ පැමිණිලි 31ක්
කුරුණෑගල නගරාධිපති වරයාට කේක් කැපීමට ආරාධනා කළේ තමා බව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා පැවසීය.

ඒ හේතුවෙන් ස්ථාන මාරුවක් ලැබුණද තමා දිවයිනේ ඕනෑම ස්ථානයක රාජකාරි කිරීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

කුරුණෑගල පොලිසිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට ආරාධිතයන් ලෙස සහභාගි වූයේ නගරාධිපතිවරයාත්, ඔහුගේ බිරිඳ සහ ඉඩම් ව්‍යාපාරිකයකු පමණක් බවත් එය ආවරණය කිරීමට මාධ්‍යයටද ඇරයුම් කළ බවත් සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා කියා සිටියේය.

නගරාධිපති තුෂාර සංජීව මහතාට මෙම උත්සවයට ආරාධනා කළේ හදිසියේම බවත් එහිදී කේක් කපන බව ඔහු දැන නොසිටි බවත් පැවසූ ඒ මහතා පොලිස් නිලධාරියකු ලෙස තමන් ඕනෑම ප‍්‍රදේශයක රාජකාරි කිරීමට සූදානම් බවද වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සිය උපන් දිනය වෙනුවෙන් පොලිසියේ ඉල්ලීමට කේක් කැපීමේ සිද්ධිය සම්බන්ධ පුවත නිසා තමා ඉදිරියේදී දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 දා) පැවසීය.

එම අවස්ථාවට සීමිත පිරිසක් සහභාගී වූ බවත් බොහෝ දෙනකු පිරිත් ශ‍්‍රවණය කරනු ලැබුවේද නිවෙස්වල සිට බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී සිය උපන්දිනය නිමිත්තෙන් කේක් කපන්නැයි පොලිසිය කළ ඉල්ලීම මත තමා කේක් කැපූ බවත් එම අවස්ථාවට කිහිපදෙනකු පමණක් සහභාගිවූ බවත්
නගරාධිපතිවරයා කියා සිටී.

එහෙත් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය අනුව තමාට දේශපාලන ද එපා වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

නෝමන් පලිහවඩන
දිවයින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි..ඕනෑම තැනක රාජකාරි කිරීමට සූදානම් - කුරුණෑගල ASP කියයි
නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි..ඕනෑම තැනක රාජකාරි කිරීමට සූදානම් - කුරුණෑගල ASP කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCZyBi8HJW1erOLL2i3SEQz4YFhXm4KDAhqcm4pMPRKaw8bGAUcMSFS0iVAfzjXaqSHqbjovvRIH-42ArmAQZhE-vXdVmlc3dQRPdMMT891s4fV3Z15gmUBfwM3EmG9Mzf4d-7X3au7eo/s320/Kurunegala-Mayor.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCZyBi8HJW1erOLL2i3SEQz4YFhXm4KDAhqcm4pMPRKaw8bGAUcMSFS0iVAfzjXaqSHqbjovvRIH-42ArmAQZhE-vXdVmlc3dQRPdMMT891s4fV3Z15gmUBfwM3EmG9Mzf4d-7X3au7eo/s72-c/Kurunegala-Mayor.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/asp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/asp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy