පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 31 ක් පිළිබඳව ඊයේ (26) පෙරවරුව වනවිට පොලිස් ස්‌ථාන වෙත වාර්තා වී ඇත. පෝස...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 31 ක් පිළිබඳව ඊයේ (26) පෙරවරුව වනවිට පොලිස් ස්‌ථාන වෙත වාර්තා වී ඇත.
පෝස්‌ටර්, බැනර් හා ධජ ප්‍රදර්ශන වාහන ධාවනය කිරීම්, ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර වාහන ධාවනය, ඡන්ද පෝස්‌ටර් ඇලවීම හා ළඟ තබා ගැනීම යන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 09 ක් සහ පෝස්‌ටර් කටවුට් ආදියට අලාභ කිරීම්, නිවාසවලට ඇතුළු වී ගල් ගසා අනර්ථයන් සිදු කිරීම, පහරදී තුවාල සිදු කිරීම, මරණ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මැතිවරණ පැමිණිලි 22 ක් වාර්තා වී ඇත.
අයගම, මිනුවන්ගොඩ, මහනුවර, නවගමුව යන පොලිස් වසම්වලින් මෙසේ මැතිවරණ පැමිණිලි ලැබී ඇත.
COMMENTS