පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු මුදල් ...
පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.
ඒ,අද (12) ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2018 වසරේදී තමන් මුදල් ඇමතිවරයා ලෙස හඳුන්වා දුන් මිල සූත්‍රය දිගටම ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට එමඟින් ජනතාවට තෙල් මිල අඩුවීමේ වාසිය ලැබෙන බවයි හිටපු අමාත්‍යවරයා කියාසිටියේ.
ඩොලර් 63.19ක්ව තිබුණු තෙල් බැරලයක මිල කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේදී ඩොලර් 26ක් දක්වා ඓතිහාසික ලෙස අඩු වූඅතර සෘණ දක්වාම පහළ ගියද එහි වාසිය මෙරට ජනතාවට අත් නොවුණු බවයි ඔහු පෙන්වාදුන්නේ.
COMMENTS