බන්ධනාගාර ගතව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට සහ රහස් පොලිස් භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මහතාට පාර...
සහභාගිවීමට ඔවුන් දෙදෙනා අදහස් කරන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
රහස් පොලීසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කතානායකවරයා ලබා දී ඇති නියෝග අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් රහස් පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.
බන්ධනාගාර ගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට අදහස් කරගෙන සිටින්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සලසන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කළ නියෝගය මේ වනවිට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමුකර තිබේ.
සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඔවුන් පාර්ලිමේන්තුව වෙත රැගෙන ආ යුතු බවද සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
බන්ධනාගාර ගතව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට සහ රහස් පොලිස් භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට අවසර ලබාදීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු රැස්වීම් සඳහා රහස් පොලීසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කතානායකවරයා ලබා දී ඇති නියෝග අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් රහස් පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.

COMMENTS