යාපනය නල්ලූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු යාපනය ශික්ෂන රෝහලේදී මිය යාමෙන් අනතුරුව මළ සිරුර ඤාතීන්ට භාරදීමෙන් පසු මිය ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයෙ...
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු යාපනය ශික්ෂන රෝහලේදී මිය යාමෙන් අනතුරුව මළ සිරුර ඤාතීන්ට භාරදීමෙන් පසු මිය ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සියලු දෙනා නිරෝධායනය කිරීමට පියවර ගත් බව යාපනය සෞක්‍ය කාර්යාලය පවසයි.
නල්ලූර්හි පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 04 වනදා අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී 07 වනදා එක්වරම මිය ගොස් ඇති අතර පසුව මළසිරුර ඥාතීන්ට භාරදීමට පෙර පී.සී.ආර්. පරික්ෂණයක් කොට මළසිරුර ඥාතීන්ට භාර ධී ඇත.
කෙසේ වෙතත් අදාල පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාව ලැබී ඇත්තේ මළ සිරුර ඥාතීන් විසින් භූමදානයකිරීමට ආසන්න අවස්ථාවකදී වන අතර එහිදී සෞඛ්‍ය නිලධාරීන් විසින් මිය ගිය තැනත්තාට කොරේණා වෛරසය ආසාදනය වී ඇති හෙයින් කොරෝනා නීතියට අනුව ආදාහනය කල යුතු බවට ඥාතීන්ට දැනුම් දීමට යාමේදී කිසියම් නොසන්සුන්තාවයක්ද ඇති විය.
පසුව මළසිරුර කොරෝණා නීතින්වලට අනුව අවසන් කටයුතු කොට ඇති අතර අවමංගල්ලය අවස්ථාවට සහභාගී වූ පුද්ගලයින් හා පවුලේ ඥාතීන් පවුල් 30 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කොට ඇති බවට යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS