පවතින සංචරණ සීමා ජුනි 7 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ අද පැවති කොවිඩ් 19 වැළැක්වීමේ ජනාධිපත...
පවතින සංචරණ සීමා ජුනි 7 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ අද පැවති කොවිඩ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීම අතරතුර යි.
මීට පෙර තීරණය කර තිබුණේ මැයි 31 සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට යි.
එම තීරණය අවලංගු කරමින් මෙලෙස අඛණ්ඩව ජුනි 7 වන දා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර හමුදාපතිවරයා පැවසූවේ සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ජංගම වෙළඳුන් හරහා භාණ්ඩ නිවසටම බෙදා හැරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන් බවයි.

COMMENTS