දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපි කියපු කිසිවක් ඇහුවෙ නෑ. බ්‍රිතාන්‍ය ප්‍රභේදය රටට කාන්දු වුණේ යුක්‍රේන සහ වෙනත් සංචාරක බුබුළු හරහා - කුමුදේශ්
Homeප්‍රවෘත්ති

අපි කියපු කිසිවක් ඇහුවෙ නෑ. බ්‍රිතාන්‍ය ප්‍රභේදය රටට කාන්දු වුණේ යුක්‍රේන සහ වෙනත් සංචාරක බුබුළු හරහා - කුමුදේශ්

PropellerAds

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය රටට කාන්දු වුණේ පසුගිය කාලයේ සංචාරක බුබුළු ක්‍රමවේදය යැයි පවසමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන සහ වෙනත් රටවල සංචාරකයි...

අනුර දිසානායකගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි නිර්දේශ!
කුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති කියයි
බැසිල්-සමන්ලාල් එලිපිට බැණගනිති... හඬපට පිටවෙයි!
බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය රටට කාන්දු වුණේ පසුගිය කාලයේ සංචාරක බුබුළු ක්‍රමවේදය යැයි පවසමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන සහ වෙනත් රටවල සංචාරකයින් හරහා යැයි පැහැදිලිවම කිවහැකි බවත් එය එසේ නොවන්නේ නම් මෙම ප්‍රභේදය රටට කාන්දු වූ ආකාරය රජය විසින් හෙළි කළ යුතු බවත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 

"ප්‍රභේදයක් රටට ආවාම ඒ ප්‍රභේදය කොහෙන්ද රටට ආවෙ, කාන්දු වුණේ කියලා හොයාගන්න ලංකාවෙ තියෙන තාක්ෂණය ලංකාවෙ තියෙන රසායනාගාර පහසුකම්, දැනුම, සෞඛ්‍ය යාන්ත්‍රණය, ඒ වෙනුවෙන් රටේ මිනිස්සු ගෙවන බදු මුදල ඉතාම ප්‍රමාණවත්. ඒක කියන්නැත්තෙ අපි කියන දුර්වලතා පිළිබඳව ගණන් ගන්නෙ නැති නිසා, උද්දච්ඡ ස්වභාවයෙන් මේවා කරන්නට උත්සාහ කරන නිසා. ඒවා කරලා ඉවරවෙලා ඒවා අමතක කරන නිසා. 
එනිසා අපි දැන් නැවත මතක් කරනවා. ඔන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද වාර්තා කරලා තියෙනවා ඉන්දියානු ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා කියලා. හැබැයි අපි නැවත නැවත කියනවා ඉන්දියානු ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා කියලා අද වාර්තා කළාට මේක ආවෙ අද කියලා කියන්න කාටවත් බෑ. මොකද අපි දිගින් දිගටම කිව්වා ඉන්දියානුවන් ලංකාවට ගෙන්නනකොට අවදානය යොමුකරන්න, ඒ සම්බන්ධයෙන් තියෙන යාන්ත්‍රණය බලන්න කියලා. ඊටපස්සෙ ඉන්දියාව අතිශය අවදානම් කලාපයක් වෙනකොට අපි කිව්වා ඉන්දියානුවන් ලංකාවට ගෙන්නන එක නවත්තන්න, අඩුම ගාණෙ ඉන්දියානුවන් ලංකාවට ගෙන්වනකොට මේ ගෙන්වන අයගේ PCR පරීක්ෂණ ටික වගකීමෙන් කරන්න රජයේ රෝහල්වල කරන්න, ප්‍රභේද පිළිබඳ අනුමාන කරන්න පුළුවන් ප්‍රතික්‍රියක යොදවලා කරන්න කියලා. 

මේ එකක්වත් සත පහකට ගණන් ගත්තෙ නෑ. අර මොනවද බුබුළු හරහා ගෙන්නලා නිරෝධායනය කරනවා කියලා එක පාරක් යුක්‍රේනයේ සහ විවිධ රටවල කණ්ඩායම් ගෙනාවා නිරෝධායනය කරන්න. ඒක හොරෙන් කළේ. ඒ හොරෙන් කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට එක්සත් රාජධානියේ ප්‍රභේදය රටේ පැතිරුණා කියලා අපට පැහැදිලිවම කියන්න පුළුවන්. අපි කියනවා මේක ගැන හොයලා බලන්න. කොන්ද කාන්දු වුණේ ? ඒක කියනකල් අපට සැක කරන්න වෙනවා මේක තමයි ක්‍රමවේදය කියලා. 


 
දෙවැනියට වෙළඳ දැන්වීම් දාලා ඉන්දියානුවන්ට කොරන්ටයින් වෙන්න මෙහෙ එන්න කියලා ගෙන්නාගත්තා ඉන්දියානුවො. ගෙන්නලා අපි කොච්චර කිව්වත් ඒක සම්බන්ධයෙන් සැලකිලිමත් වුණේ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඔන්න රටට ඉන්දියානු ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් සැලකිලිමත් වියයුතු ප්‍රභේද 4යි තියෙන්නෙ. ඒ හතරෙන් තුනක් දැන් ලංකාවෙ තියෙනවා. නැත්තෙ බ්‍රසීල ප්‍රභේදය විතරයි. හෙට අනිද්දාට ඒ ප්‍රභේදය ගෙන්නාගන්නත් පුළුවන් නම් බුබුළක් හදලා වැඩපිළිවෙලක් යොදයි. මොකද අපි කියන එක නෙවෙයි, ඊට විරුද්ධ එක කරන නිසා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපි කියපු කිසිවක් ඇහුවෙ නෑ. බ්‍රිතාන්‍ය ප්‍රභේදය රටට කාන්දු වුණේ යුක්‍රේන සහ වෙනත් සංචාරක බුබුළු හරහා - කුමුදේශ්
අපි කියපු කිසිවක් ඇහුවෙ නෑ. බ්‍රිතාන්‍ය ප්‍රභේදය රටට කාන්දු වුණේ යුක්‍රේන සහ වෙනත් සංචාරක බුබුළු හරහා - කුමුදේශ්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi48GaGBkMCn6oNGWEYVbCVvse8FUzcD4FbRTmUkrN0sHQf7ooghrXgBDKHgMIQmROyogb4pmfhJ6928krsOGn6UnH9BxuOYEaNpkUYU-mJ_77zqci9UjVObvD-uDIhh5sm4u7606hgIpg/s320/kumu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi48GaGBkMCn6oNGWEYVbCVvse8FUzcD4FbRTmUkrN0sHQf7ooghrXgBDKHgMIQmROyogb4pmfhJ6928krsOGn6UnH9BxuOYEaNpkUYU-mJ_77zqci9UjVObvD-uDIhh5sm4u7606hgIpg/s72-c/kumu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_237.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_237.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy