දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති කියයි
Homeප්‍රවෘත්ති

කුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති කියයි

PropellerAds

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැ...

සමනල වැවේ කාන්දුවෙන් එන ජලයෙන් ලොක්කෙකුගේ පුද්ගලික බලාගාරයක්.. සිදුර නොවසන්නේ ඒනිසා..
ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය තියනවා! ඊට පස්සෙ මහමැතිවරණයත් තියනවා! රනිල් එජාප විශේෂ සම්මේලනයේදී කියයි!
ඇමති ප‍්‍රසන්න රණතුංගට ඇමරිකාවට ඇතුළුවීමට ඉඩ නොදේ…
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.
එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (23) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙසේද කියා සිටියේය.

අපි මීට වසරකට පෙර බංකොලොත් රටක් බවට පත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අපේ ණය හිමියන්ගේ සහයෝගය ඇතිව අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට සිදු වූ පළමු අවස්ථාව මෙයයි. මෙය ආරම්භය පමණයි. IMF සහයෝගය පිළිබඳ මූල්‍ය සහතිකය ලැබීමෙන් පසු අපේ රට තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස සලකන්නේ නැහැ. දැන් අපි මීළඟ අදියරට යා යුතුයි.

ඒ අපගේ සියලුම ණය හිමියන් එනම් බහුපාර්ශ්වික ණය හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමයි. පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම වඩාත් දුෂ්කරයි. නමුත් අපි ආපසු හැරී නොබලා විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතුයි. එබැවින් මෙය අවසානය නොවෙයි. එක් අතකින් ආරම්භය පමණයි. අපි ඊළඟට ණය දෙන්නන් සමඟ ද සාකච්ඡා කළයුතුයි.

ණය හිමියන් සමඟ සාකච්ඡා කරන අතරම, අපට වසර හතරක වැඩසටහනක් ද තිබෙනවා. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවේ මේ ගිවිසුම සඳහා මට අනුමැතිය ලබා දෙන්න කියලා. එය නීතියෙන් කිරීමට මට අවශ්‍ය නැහැ. නමුත් මෙම ගිවිසුම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම අපිව තවත් ශක්තිමත් කරනවා. ජනතාව ඒ සඳහා දැනටමත් ඡන්දය ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ගිවිසුමේ ඇතුළත් මූලධර්මය රට පිළිගෙන ඇති බව ණය හිමියන්ට පෙන්වීමට අවශ්‍ය වෙනවා. එබැවින් පළමුව, එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වන නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පමණක් සීමා නොවී එය අපගේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බවට පත්කරගත යුතුයි.

පළමුව, අපට මූල්‍ය ස්ථාවරත්වයක් තිබෙනවා. අපි මෙම ක්‍රියාවලිය හරහා අපගේ ආදායම වැඩිකරගත යුතුයි. මෙය ඉතා දුෂ්කර යුගයක් වන අතර අපි රජයේ වියදම් ස්ථාවර කරගත යුතුයි. මන්ද එය රජයේ වියදම්වල ස්වභාවය සහ අපට ඇති ආදායම විස්තර කරන නිසයි

අපේ ඉලක්කය වන්නේ රජයේ අයවැය වඩාත් හොඳින් පාලනය කිරීමයි. නමුත් මෙය අපට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කිරීම හා ආදායම් වැඩි කිරීමක් තහවුරු කරනවා. අප විසින් සිදු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් අපට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන බව අප මතක තබා ගත යුතුයි.

අපි විවිධ ආයෝජන ක්ෂේත්‍ර, නිෂ්පාදන සඳහා අමතර විදේශ ආයෝජන පිළිබඳව ද සොයා බලමින් සිටිනවා. එයින් අදහස් වන්නේ අප ඉදිරියටම යා යුතු බවයි.

දෙවනුව කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සිදු කළයුතුයි. තෙවනුව ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. සංචාරක කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය නිසැකවම වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම සිදු කළ යුතුයි. ඒ තුළින් අපිට නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට හැකි වෙනවා.

මගේ අරමුණ තවත් වසර 25කින් ඒ කියන්නේ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමයි. එකතැන පල් වූ ආර්ථිකයක් සමඟ අපට ඉදිරියට යා නොහැකියි. අපේ රටේ සිදු වූ සියලු ගැටලු මේ ප්‍රශ්නයට සම්බන්ධ බව අප සිහිතබා ගත යුතුයි.

1971 දී විරැකියාව සම්බන්ධව මතු වූ ගැටලුව මෙන්ම, 1983 භාෂාව පමණක් නොව, දෙමළ තරුණයින්ට රැකියාවක් නොතිබීම නිසා ගැටලු මතු වුණා. 1989 දී ද සිදු වුයේ එයයි. අපට ඕනෑවට වඩා ප්‍රශ්න තිබුණා. ආර්ථික වර්ධනයක් නොමැතිකම හා අස්ථාවරත්වය හමුවේ ලේ වැගිරීම් සිදු වුණා. දැන් අපිට අලුතින් පටන් ගැනීමට අවස්ථාව තිබෙනවා.

එය ඓතිහාසික ක්‍රියාවලියක්. මම ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඕනෑම අවස්ථාවක නිලධාරින් සමග කතා කර දැනගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන්නේ මෙම ගිවිසුම සමග අප ඉදිරියට යනවාද, නැද්ද කියන කරුණ සමග බව අමතක නොකළ යුතුයි. අප එසේ නොකළහොත් අනාගත පරපුර අපට ශාප කරාවි. එබැවින් අපගේ ආර්ථිකය තුළ මෙම දීර්ඝකාලීන වෙනස්කම් සිදු කරමින් සියලුදෙනාගේ ජීවිත පහසු කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අපි පළමු කාර්යය ලෙස මෙම ගිවිසුම අනුමත කරලා, ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යමු. ණය ගෙවන විදිහ දැන ගන්න පුළුවන් වෙන්නෙ ඊට පසුව තමයි. අපේ වැඩසටහන් අවසන් කරලා නැහැ. ඇයි අවසන් කළේ නැත්තෙ? ඒක දේශපාලනයට යටවුණා. එහෙම නැත්නම් ජනමතයට යට වුණා. ජනමතය ඇති කළේ ජනමාධ්‍යයයි. මේ වතාවේ මෙම වැඩසටහන සාර්ථක කර ගන්න මාධ්‍යයේ සහාය ලබා දෙන්න.

එපමණක් නොවෙයි එම්සීසී ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට යන විට ඇතැම් පාර්ශ්ව එමගින් රට බෙදන බවට චෝදනා කළා. අයිඑම්එෆ් එන විට කිව්වා අපි බටහිරට යටත් වෙනවා කියලා. ඉතිං මේ විදියට කරගෙන යන්න අමාරුයි. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 17 වැනි වැඩසටහන සාර්ථක කර ගැනීමට එක් වෙන්න කියලා මාධ්‍යවලින් ඉල්ලා සිටියේ.
මේ ක්‍රියාවලිය ඉතාම දුෂ්කරයි. අපි හැම දෙනාටම එය දැනෙනවා. මෙය අවුරුදු හතරක ක්‍රියාවලියක්. එය 2026 දී අවසන් වෙනවා. මගෙත් එක්ක ගොඩක් දුරගිය අය, මගේ ප්‍රතිපත්ති හරි කිව්ව අයත් දැන් මට විරුද්ධව කතා කරනවා.

ඉතිං විරුද්ධව හිටපු අය එකතු වෙන එක පුදුම විය යුතු දෙයක් නොවෙයි. අපි එකක් මතක තියා ගත යුතුයි. අපි දැන් අමාරු තැනක ඉන්නෙ. පරණ සෙල්ලම් ආයේ කරන්න බැහැ. පරණ සෙල්ලම් දැම්මොත් ආයෙත් වැටෙනවා. ඒ නිසා අතීතය අමතක කර අපි ඉදිරියට යමු.

අපි හැමෝම වැරදි කළා. දැන්වත් මේ සමඟ එකඟ වෙලා අපට සහාය ලබා දෙන්න. මේ ලැබුණු මුදල් අරගෙන මේ මාසේ පඩි ගෙවනවා. ඒක හොරකම් කිරීමක් නෙමෙයි. හොරකම් කියන කතාව නිසානෙ මේවා නැති වුණේ. එවැනි කතා පතුරවන්න එපා. ඔය කියන අය මීට වඩා හොරකම් කරනවා. ඔය ඉන්න අයට වඩා මගේ වැටුප අඩුයි. අපි ආකල්ප වෙනස් කරගත යුතුයි.

මං ආවේ හොරු ආරක්ෂා කරන්නයි කියලා චෝදනා කළා. නමුත් අපි අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කර දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගෙන එනවා. විපක්ෂය කෑ ගැහුවට කිසිවක් ගෙනාවේ නැහැ. අධිකරණ ඇමැති මේ ගැන විපක්ෂය සමගත් සාකච්ඡා කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති කියයි
කුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgLP0knoW6k-WsNDNdjrmGUjqULtlQ9j8-6bLdJKNdOYcBkpXkS2GRn88heDdY_jZ73Qgtn0bbdRFp98BOqP8zREoB0MJM763g_XmPaRgRPOVzVMexwuyjB0shXvHtHRxTG3dwe0hAp9lIsNXlRpZzNqPtLGzPYcT-UqSO6T--t4XAqdxdg4tbmw/s320/Ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgLP0knoW6k-WsNDNdjrmGUjqULtlQ9j8-6bLdJKNdOYcBkpXkS2GRn88heDdY_jZ73Qgtn0bbdRFp98BOqP8zREoB0MJM763g_XmPaRgRPOVzVMexwuyjB0shXvHtHRxTG3dwe0hAp9lIsNXlRpZzNqPtLGzPYcT-UqSO6T--t4XAqdxdg4tbmw/s72-c/Ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_63.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_63.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy