රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති පහසුකම් ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙන නිසා සැළකිය යුතු කොවිඩ් ආසාදිතයන් පිරිසක් තවමත් නිවාසවල රැඳී සි...
රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති පහසුකම් ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙන නිසා සැළකිය යුතු කොවිඩ් ආසාදිතයන් පිරිසක් තවමත් නිවාසවල රැඳී සිටිනවා. දැනට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින ආසාදිතයන් සුව වනතෙක් ඔවුන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව තිබෙනවා.
මෙම තත්වය තවත් දරුණු වන්නේ ආසාදිතයන් 2000 කට ආසන්න පිරිසක් දෛනිකව අලුතෙන් එකතුවීමයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් රෝහල් පහසුකම් අහිමි කොවිඩ් ආසාදිතයන් 400 ක් පමණ නිවෙස්වල රඳවා සිටින බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසන්නේ.
රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් නොමැති වීම මෙන්ම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ගිලන් රථ නොමැති වීම නිසාද ඔවුන්ට නිවෙස් තුළම රැඳී සිටීමට සිදුව තිබෙනවා.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන 40 ක පමණ පිරිසක් ද ආසාදිතයන් බව තහවුරු වී තවමත් ඔවුන්ගේ නේවාසිකාගාරවල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
මීට අමතරව අද සවස වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් PCR පරීක්ෂණ 7000 කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබිණි. මෙම තත්වය හමුවේ එම දිස්ත්‍රික්කයේ පමණක් නිවාස තුළ රැඳී සිටීමට සිදුවන ආසාදිතයන් ප්‍රමාණය දහස ඉක්මවා යනු ඇත.
මෙවැනි තත්වයක් රටේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර මෙය ඉතා අවදානම් සහගත තත්වයකි. ආසාදිතයන් බවට තහවුරු කරගත් පුද්ගලයන් නිවාස තුළම රඳවා තැබීම හේතුවෙන් සෙසු පුද්ගලයන්ටද වෛරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
-lankanewsweb
COMMENTS