දැනට රෝහල් හෝ අතරමැදි මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සහ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 26000 ඉක්මවා ගොස් තිබේ....
දැනට රෝහල් හෝ අතරමැදි මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සහ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 26000 ඉක්මවා ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ දෛනික කොවිඩ් තත්ව වාර්තාව අනුව සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 26102ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට පෙර කොවිඩ් දෙවැනි රැල්ලේදී ශ්‍රී ලංකාවට එකවැර කළමනාකරණය කරගැනීමට සිදුවූයේ උපරිම රෝගීන් 10000ක පමණ සංඛ්‍යාවකි. එය 26000ත් ඉක්මවා යාම යනු රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය අර්බුදයක් කරා තල්ලු කරනා තත්වයක් බව පැහැදිලිය.
COMMENTS