මේ ප්‍රදේශ දීර්ඝ කාලයක සිට කෘෂිකර්මාන්තයට මුල් තැන දී කටයුතු කළත් ඒ තුළින් පමණක් මෙම ප්‍රදේශ දියුණු කළ නොහැකි වූ බවත් මොණරාගල, බදුල්ල දිස්...
මේ ප්‍රදේශ දීර්ඝ කාලයක සිට කෘෂිකර්මාන්තයට මුල් තැන දී කටයුතු කළත් ඒ තුළින් පමණක් මෙම ප්‍රදේශ දියුණු කළ නොහැකි වූ බවත් මොණරාගල, බදුල්ල දිස්ත්‍රික්ක කර්මාන්තකරණයකට ලක් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ල ප්‍රචාරක රැළියට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ ආණ්ඩුව භාර ගන්නා අවස්ථාව වන විට ජනතාව මත විශාල ණය බරක් පැටවී තිබු බවත් 2016 වසරේ සිට ඒ ණය බර ගෙවීම අප ආරම්භ කළ අතර 2017 වසර අවසන් වන විට එමගින් යම් සහනයක් ලබාගැනීමට අපට හැකි වූ බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
එසේම අපගත් එම පියවර නිසා දැන් රටේ ආදායමක් තිබෙන බවත් ඒ අනුව අපට ඉදිරියට යා හැකි අතර මෙලෙස ආර්ථිකය ගොඩනැගීමෙන් පසු තිබෙන්නේ බදුල්ල - මොණරාගල වැනි ප්‍රදේශ දියුණු කිරීම බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
"රජයට ආදායමක් නැති නම් රටේ සැබෑ සංවර්ධනයක් කළ නොහැකියි. පසුගිය කාලය තුළ අප ඇහැට නොපෙනන සංවර්ධනයක් දියත් කළා. දැන් ඇහැට පෙනෙන සංවර්ධනයක් කිරීමට මුදල් තිබෙනවා. ඒ අනුව හම්බන්තොට ආර්ථික දියුණුව මොණරාගල හා බදුල්ල දක්වා ව්‍යාප්ත කර රුහුණ සහ ඌව එක පිම්මේ දියුණු කිරීම අපේ අරමුණයි. මේ සඳහා කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යන අතර මේ ප්‍රදේශවල නව කර්මාන්තශාලා ස්ථාපිත කළ යුතුයි. අද මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ගැන විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ආණ්ඩුවක් ලෙස අප ඒ බලාපොරොත්තු ඉටු කළ යුතුව තිබෙනවා."
"විදේශීය හා දේශීය ආයෝජකයින් මාර්ගයෙන් නව කර්මාන්තශාලා ඇති කර රැකියා අවස්ථා බිහි කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එම වැඩසටහන හම්බන්තොට හා මොණරාගලට පමණක් සීමා නොකර බදුල්ල – බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවලට ද ගෙන ඒම අපේ පරමාර්ථයයි. ඇල්ල කේන්ද්‍ර කර ගෙන සංචාරක කළාපයක් ඇති කර එය බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ තුළින් මේ ප්‍රදේශවල දියුණුවක් ඇති කළ හැකියි. අවුරුදු 30 කින් අවසන් කිරීමට සැලසුම් කර තිබූ මහවැලි ව්‍යාපාරයේ වැඩ කටයුතු එදා අපි වසර 8 කින් නිම කළා. එදා ඒ අභියෝගය ජයගත් එක්සත් ජාතික පක්‍ෂයට රුහුණ හා ඌව ආර්ථිකය ගොඩනැගීම එතරම් අභියෝගයක් නොවේ.”යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
COMMENTS