පා ස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රහාරයට සම්බන්ධ වූවන් හෙළිකර ඇතත් එම ප්‍රහාරයේ සැඟවුණු හස්තයන් කවු...
පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රහාරයට සම්බන්ධ වූවන් හෙළිකර ඇතත් එම ප්‍රහාරයේ සැඟවුණු හස්තයන් කවුරුන්ද යන්න සොයා ගත යුතු බවත් ත්‍රස්ත ප්‍රහාරය කියන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය පිළිබඳව අනාවරණය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප්‍රහාරකයින් කිහිපදෙනෙකු බුද්ධි අංශය හුරතල් කර ඇති බවත් බුද්ධි අංශය පිළිබඳ සාධාරණ සැකයක් මතුවන බවත් බුද්ධි අංශයේ විශිෂ්ඨ මුස්ලිම් නිලධාරීන් කටයුතු කළ බවත් සමස්ථ බුද්ධි අංශයට මෙය අදාල නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
තවමත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගෙන නොමැති බවත් ඊට වඩා මහමොලකරුවන් සිටින බවත් තමා එය ප්‍රකාශ කරන්නේ සාක්ෂි සාධක ඇතුව බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මෙය සහමුලින්ම ත්‍රස්ත ප්‍රහාරයක් බවත් මෙය වුවමනාවකට පාවිච්චි කරපු ඉත්තෝ පිරිසක් බවද එනිසා මේ පිළීබඳව හරි විශ්ලේෂණයක් සිදුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
මෙම කොමිෂන් වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකරන බවත් යම් ගැටලු තැන් තිබෙන බවත් මන්ත්‍රීරයා වැඩිදුරටත් පැවසී ය.

COMMENTS